ජනාකීර්ණ ස්ථානයක හදිසියේ ඇතිවූ ගිනි ජාලාව

කිසියම් අවශ්‍යතාවයක් සඳහා ත්‍රීරෝද රථයකින්  නගරයට පැමිණ සිටි යුවලක් ඉන් බැසයනවාත් සමගම එම රථය එකවරම විශාල ගිනිගැනීමකට ලක්වී තිබුණි.

මෙම සිද්ධිය ඇතිවී තිබුණේ අද (29) පෙරවරුවේ අනුරාධපුර නගරයේ දීය.

ජනාකීර්ණ ස්ථානයක මෙම ගින්න හටගැනීමත් සමග ජනතාව බියට පත්වී ඒ මේ අත දිවයන අයුරුද අසල තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණි.

පසුව එම ස්ථානයට පැමිණි අනුරාධපුර මහනගර සභාවේ ගිනිනිවීමේ ඒකකයේ නිලධාරීන් ගින්න නිවාදැමීමට පියවර ගෙන ඇත.

ගින්නෙන් ත්‍රීරෝද රථයට දැඩි හානි සිදුවී ඇති අතර රථයේ හිමිකරු සඳහන් කළේ තමන් මෙම රථය මිලදී ගත්තේ ඊයේ (28) දිනයේ බවය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?