ජනවාරි 15 න් පසු දිවයින පුරා විදුලි කප්පාදුවක් – පාඨලී චම්පික රණවක

විදුලිබල උත්පාදනය සඳහා පිරිපහදු තෙල් නොමැතිවිම හේතවෙන් ජනවාරි මස 15දායින් පසුව දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකෙරුනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ් පිළිබඳව ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් පැහැදිලි කිරීමක් කර තිබුණි. පහතින් දැක්වෙන්නේ එම සටහනයි.

“සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තෙල් තොගය දැනට තිබෙන තත්ත්වය අනුව ප්‍රමාණවත් වන්නේ ජනවාරි මැද දක්වා පමණි. ඒ අනුව දෙසැම්බර් 10 වැනිදා පිරිපහදුවේ කටයුතු ආරම්භ කළ ද, විදුලිබලය නිෂ්පාදනය සඳහා පැවැති තොගය මෙට්‍රික් ටොන් 16000 ක් පමණක් වූ අතර, දිනකට විදුලි බල උත්පාදනය සඳහා නිකුත් කෙරෙන තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 500 කට සීමා කර තිබිණ,.

ඒ ආකාරයෙන් පිරිපහදු තෙල් භාවිතා කළ ද එය ප්‍රමාණවත් වන්නේ දින 25 කට පමණක් වන අතර, විදුලි බල උත්පාදනය සඳහා භාවිත කිරීම සඳහා අමතරව පවතින්නේ පිරිපහදු තෙල් මෙට්‍රික් ටොන් 12500 ක ප්‍රමාණයක් පමණි.

මේ අතර විදුලිබල මණ්ඩලය සතුව ඔවුන්ගේ ගබඩාවල පවතින තෙල් තොග ප්‍රමාණය මෙට්‍රික් ටොන් 21,200 ක් පමණි.

තෙල් තොග ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරි මාසය තුළ සපුගස්කන්ද තෙල් පිරිපහදුව නිශ්චිතවම වසා දැමීමට සිදුවනු ඇති අතර,මෙම තත්ත්වය තුළ විදුලිය නිෂ්පාදනය සඳහා පිරිපහදු තෙල් නිකුත් කිරීම නැවැත්වීමට ද සිදුවනු ඇත.

ඒ හේතුවෙන්ම එළඹෙන ජනවාරි 15 වෙනිදායින් පසු බොහෝදුරට දිවයින පුරා විදුලිය කප්පාදු කිරීමක් සිදු කිරීමට සිදුවනු ඇත. දැනටත් දිවයින පුරා ප්‍රදේශ කිහිපයක නොදන්වා විනාඩි 45 ක පමණ කාලයක් විදුලිය කප්පාදුවක් සිදු කරමින් පවතී., එසේ නොදන්වා විදුලිය කප්පාදු කිරීම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන නීති විරෝධී ක්‍රියාවකි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ කුපිත වී වටේටම දෙසයි..ඉන්දියාවේ රෙද්ද අස්සේ රි#ගගෙන ආණ්ඩුව වැඩ කරන්නේ
07:39
Video thumbnail
හිටි හැටියෙම සිංහරාජයෙන් මතුවූ දුමාරය..ගම්මුන්ගේ ඇස් උඩ ගිය දර්ශනය මෙන්න
01:19
Video thumbnail
ප්‍රෙට්‍රල් දෙකක් අරගෙන හ#මුන් ගියාද?කවුද කාටද දැන් ඇ#ලා තියෙන්නේ?අර්චුනාගෙන් කතානායකට සැර කතාවක්..
03:18
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09


?