ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ පොලිස් අත්අඩංගුවට

ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රාජගිරිය ගුවන්පාලම අසල සිදුවූ රිය අනතුරකට අදාළවයි.
ඊයේ පස්වරු 5.30ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ උමාරියා සිංහවංශ පැදවූ මෝටර් රථය සහ තවත් ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන්.

අනතුරින් තුවාල ලැබූ ත්‍රී රෝද රථ රියදුරා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ.

වැලිකඩ පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?