ඉරාකයට කඩා වැටුණු ඇමරිකානු යුද ගුවන් යානයේ සිටි හතරක් ජීවිතක්ෂයට

ඉරානයට එල්ල වූ ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 1,444 දෙනෙකු මිය ගොස් ඇති බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

පෙබරවාරි 28 වන දින සිට ඉරානයට එල්ල වූ මෙම ප්‍රහාට හමුවේ තවත් පුද්ගලයින් 18,551 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඉරානයේ අන්තර්ජාල විසන්ධි වීම අද (13) අඛණ්ඩව 14 වන දිනටත් සිදුවන බව සයිබර් ආරක්ෂණ නිරීක්ෂණ ආයතනයක් වන NetBlocks පවසනවා.

මේ අතර බටහිර ඉරාකයට කඩා වැටුණු ඇමරිකානු යුද ගුවන් යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් හයදෙනාගෙන් සිව්දෙනෙකු මිය ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එක්සත් ජනපද KC-135 ඉන්ධන පිරවුම් ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව තිබුණා.

ඇමරිකා එක්සත් ජනපදය නිවේදනය කළේ ගුවන් යානා දෙකක් සම්බන්ධ වූ සිදුවීමකින් පසු මෙම මෙම KC-135 ඉන්ධන පිරවුම් ගුවන් යානය ඉරානයට කඩා වැටුණු බවත්, ඊට සම්බන්ධ වූ දෙවන ගුවන් යානය ආරක්ෂිතව ඊශ්‍රායාලය වෙත ගොඩබෑමට හැකි වූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08