ජනප්‍රිය ඉන්දීය නිළියකට සැමියා පිහියෙන් අනී

කන්නඩ රූපවාහිනී නිළියක් සහ නිවේදිකාවක් වන මංජුලා ශෘතිට ඇයගේ සැමියා විසින් පිහියකින් ඇන ඝාතනය කිරීමට තැත්කර තිබෙනවා.

පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබූ මංජුලා ශෘති මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

ප්‍රේම සම්බන්ධයකින් පසු ශ්‍රෘති මීට වසර 20 කට පෙර අම්රේෂ් සමඟ විවාහ වී තිබෙනවා.

මෙම යුවළට දරුවන් දෙදෙනෙකු ද සිටින අතර, බැංගලෝර් හි හනුමන්ත්නගර් ප්‍රදේශයේ කුලී නිවසක ඔවුන් ජීවත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත්, ශ්‍රෘතිගේ හැසිරී රටාව සම්බන්ධයෙන් ඇති වූ සැකය මත ඇගේ සැමියා විසින් මෙලෙස ඇයට පිහියෙන් ඇන ඇති බවයි වාර්තා වුණේ.

අම්රේෂ් විසින් පළමුව ගම්මිරිස් ඉසින ශ්‍රෘතිගේ මුහුණට ඉස ඇති අතර, පසුව ඇගේ ඉළ ඇට, කලවා සහ බෙල්ලට කිහිප වතාවක් පිහියෙන් ඇන, ඇගේ හිස බිත්තියේ හප්පා ඇති බවයි අනවරණය වී ඇත්තේ.

ශෘති වික්ටෝරියා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, හනුමන්ත්නගර් පොලිසිය විසින් අම්රේෂ් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ ආතර විවාහ ජීවිතයේ ඇති වූ මතභේද හේතුවෙන් ඔවුන් නිතර නිතර රණ්ඩු වන බව විමර්ශනවලින් හෙළිව ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
2
+1
2
+1
9
+1
2
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?