ජනපති හෙට ජර්මනිය බලා පිටත්වෙයි

තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (10) රාත්‍රියේ ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතයි.

ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන්නේ, ජර්මන් ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර්ගේ ඇරයුමකට අනුවයි.

දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩගැනීම පිළිබඳව ජනාධිපතිවරයාගේ මෙම සංචාරය අතර තුර සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ජර්මනියේ සංචාරක හා සංචාරක කර්මාන්ත සංගම්වල නියෝජිතයින් ද හමුවීමට ජනාධිපතිවරයා මෙහිදී සැලසුම් කර තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සංචාරයට එක්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?