AFC Banner
Empty Ad
Empty Ad

ජනපති සහ මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් අතර හමුවක්

මන්නාරමේ අද (17) පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලියට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ මන්නාරම දිස්ත්‍රික් නායක, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් හමුවීමට ගොස් තිබෙනවා.

මන්නාරම, තල්වුපාඩු පිහිටි එම මහතාගේ නිවසේ දී මෙම හමුව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

චාර්ල්ස් නිර්මලනාදන් විසින් මෙහිදී ජනාධිපතිවරයාව උණුසුම් ලෙස පිළිගත් අතර වත්මන් දේශපාලන කටයුතු පිළිබඳ අවධානය යොමු කරමින් ඔවුන් කෙටි කථාබහක නිරත වී තිබෙනවා.

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ, සමස්ථ ලංකා තරුණ සංවිධානයේ උප සභාපති නීතිඥ දිනේෂ් ප්‍රමුඛ, ප්‍රාදේශීය සභා, නගර සභා හිටපු මන්ත්‍රීවරුන් සහ ක්‍රියාකාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?