ජනපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දකියි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත අද (27) පෙරවරුවේ පැමිණ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක
හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ නිකායික මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

සිය මැතිවරණ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව ජනාධිපතිවරයා මෙලෙස රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝරත්නය බැහැ දුටු අතර එහි අනුනායක පූජ්‍ය වලේබොඩ ගුණසිරි ස්වාමීන් වහන්සේ, නියෝජ්‍ය මහ ලේකම් අකරැල්ලේ ඥානවංස ස්වාමීන් වහන්සේ, නියෝජ්‍ය මහ ලේකම් පූජ්‍ය වාද්දුවේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ, නියෝජ්‍ය අධිකරණ ලේකම් පූජ්‍ය හාල්පන්විල පාලිත ස්වාමීන් වහන්සේ, කොළඹ ප්‍රාදේශීය සංඝ සභාවේ සභාපති පූජ්‍ය සූරියවැව හේමාන්නද ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය එම අවස්ථාවට වැඩම කර සිටියා.

මෙහිදී උන්වහන්සේලා සෙත් පිරිත් දේශනා කර ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සිය ආශිර්වාදය පළ කළා.

අනතුරුව මහානායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ නිකායික මහා සංඝරත්නය සමඟ කෙටි කථා බහකට එක් වූ ජනාධිපතිවරයා රටේ ආර්ථික ප්‍රකෘතිමත්භාවය පිළිබඳ මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳව ද මහා සංඝරත්නය දැනුවත් කළ බවයි ‘පුළුවන් ශ්‍රී ලංකා’ මාධ්‍ය අංශය පැවසුවේ.

පිරිවෙන් අධ්‍යාපනය ආශ්‍රිත ව මතුව ඇති ගැටළු, පූජා භූමිවලට අදාළ ඉඩම් ගැටළු පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර උතුරු හා නැගෙනහිර පළාත්වල සංවර්ධනයට අදාළව එහි ද්‍රවිඩ මන්ත්‍රීවරුන් සමඟ කළ සාකච්ඡා පිළිබඳව ද ජනාධිපතිවරයා මහා නායක හිමිපාණන් වහන්සේ දැනුවත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?