AFC Banner
AFC Banner
Empty Ad

ජනපති රනිල් චීනය බලා පිටත්ව යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සදහා ඊයේ (15) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළෙන් චීනය බලා පිටත්ව ගියා.

චීන ජනාධිපති ෂී ජින් පින්ගේ ආරාධනයකට අනුව සහ ශ්‍රී ලංකාව චීනයෙන් ලබා ගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා අවශ්‍ය සාකච්ඡා පැවැත්වීම වෙනුවෙන් ජනාධිපතිවරයා මෙම නිල සංචාරයේ නිරත වනවා.

ජනාධිපතිවරයා සමඟ තවත් දූත පිරිසක් ද චීනය බලා පිටත්ව ගිය බවයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේ.

ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ඊයේ (15) රාත්‍රී 09.46ට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ – 232 දරණ ගුවන් යානයෙන් චීනයේ ෂැංහයි නුවර බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?