AFC Banner
AFC Banner
Empty Ad

ජනපති රනිල් අද රාත්‍රියේ ජපානයට

නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (25) රාත්‍රියේ ජපානය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ෂින්ෂෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට නියමිතයි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානය තුළ රැදී සිටින කාලය තුළ ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා සහ ඉහළ පෙළේ නායකයින් රැසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද වාර්තා වනවා.

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ෂින්ෂෝ අබේගේ අවමංගල්‍ය උත්සවය සඳහා රටවල් 217ක ආරාධිතයින් 700 දෙනෙකු පමණ සහභාගීවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මේ හේතුවෙන් ජපානයේ ටෝකියේ අගනුවර ආරක්ෂාව ද තරකර ඇති බවට වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?