AFC Banner
AFC Banner
Empty Ad

ජනපති ධුරයේ සා අවුරුද්ද පස් වසරකට සංශෝධනය කෙරේ (වීඩියෝ)

ජනාධිපති ධුරයේ කාල සීමාව සංශෝධනය කර තිබෙනවා.

ඊට අද (10) දිනයේ දී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙතෙක් පැවති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම යටතේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2), 62(2) සහ 83(ආ) යන ව්‍යවස්ථාවන්හි ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය සම්බන්ධයෙන් අනනුකූලතාවක් පවතින බව නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ පිළිබඳව වන සැකය මග හරවා ගැනීමට සහ කවර හෝ අනුකූලතාවක් ඉවත් කිරීමට “සාවුරුද්දක් ඉක්මවා” යන වචන වෙනුවට “පස් අවුරුද්දක් ඉක්මවා” යන වචන ආදේශ කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83(ආ) ව්‍යවස්ථාව සංශෝධනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස මෙම යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදු කරනු ලැබූ අතර ඊටයි මෙම අනුමැතිය අද කැබිනට් මණ්ඩලයෙන් හිමි ව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
9
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?