AFC Banner
Empty Ad
Empty Ad

ජනපති ජාතියෙන් සමාව ගත යුතුයි – පාස්කු වාර්තා හෙළිකළ ගම්මන්පිළ කියයි (වීඩියෝ)

බලයට පත් වී පළමු මාසය තුළම බලය අයුතු ලෙස භාවිත කිරීම පිළිබඳව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝනය කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතියෙන් සමාව ගත යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්තා ප්‍රසිද්ධ කිරීම වෙනුවෙන් අද (21) පෙරවරුවේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයෙකු ලෙස විමර්ශන කමිටු වාර්තාවකින් නම් කර ඇති, වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න වහාම එම තනතුරින් ඉවත් කළ යුතු බවයි.

රවී සෙනෙවිරත්න තනතුරෙන් ඉවත් කිරීම සහ පාස්කු වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීම යන කරනා ඉටු නොකළොත් ඉදිරි පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයාට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ඒමට කටයුතු කරන බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මන්ත්‍රීවරයා විසින් පාස්කු ප්‍රහාරයට අදාළ වාර්තා දෙකෙන් එක් වාර්තාවක් අද (21) දිනයේ ප්‍රසිද්ධියට පත්කළ අතර අනෙක් වාර්තාව ලබන සඳුදා (28) ප්‍රසිද්ධියට පත්කරන බවයි පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?