ජනපති අරමුදලෙන් උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීම හෙට ඇරඹේ

පසුගිය 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේ දී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කර තිබෙන අතර, එහි සමාරම්භක උත්සවය හෙට (22) කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් කිළිනොච්චියේ දී පැවැත් වෙනවා.

2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී සෑම විෂය ධාරාවකින්ම විශිෂ්ට කුසලතා දැක් වූ සිසුන් එක් දිස්ත්‍රික්කයකින් 60 දෙනෙකු බැගින් තෝරාගෙන ඔවුන්ට මූල්‍ය ශිෂ්‍යත්ව සහ සහතික පත් ප්‍රදානය කිරීම මෙම වැඩසටහන යටතේ සිදුකරනු ලබනවා.

පළාත් අනුව ක්‍රියාත්මක වන එම වැඩසටහනේ පළමු වැඩසටහන හෙට (22) කිළිනොච්චියේදී පැවැත්වෙන අතර, 2023 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක් වූ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවල විශිෂ්ටයෝ එහිදී ඇගයීමට ලක් කෙරෙනවා.

ඉදිරියේදී අනෙකුත් දිස්ත්‍රික්කවල ද එලෙස දක්ෂතා දැක් වූ සිසුන් ඇගයීමට ජනාධිපති අරමුදල කටයුතු සූදානම් කරමින් සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
00:00
Video thumbnail
අජිත්ට නහුතෙටම තදවෙයි - මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ?.බෙහෙත් දෙන්න
02:48
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි..ගැ#මෙන් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළයි
01:12
Video thumbnail
චමින්ද නැගිටලා හතර වටේටම දෙසයි.."කථානයක මේක පුදුම පච කියවිල්ලක්නේ"
06:10
Video thumbnail
මොන ඔත්තේ ඉරට්ටේ තිබුණත් දිග පෝළිම්..තෙලුත් නෑ..ජනපතිට සතියෙන් සතියට ජනතාව දැනුවත් කරන්න වෙලා
04:47
Video thumbnail
"තෙල් තියෙනවා ඕන තරම්..මිනිස්සු බොරුවට බයවෙලා"ඉන්ධන ගැන තෙල් බවුසර් රියදුරන් කිව්ව දේ..
01:59
Video thumbnail
වර්තමාන ආණ්ඩුවට දිට්ඨ ධම්ම වේදනීය කර්මයට මුහුණ දෙන්න වෙලා..ගෝඨාභයා එලවන්න ජනතාව කුලප්පු කළා
06:02
Video thumbnail
Selfie ගන්න ගිය සිසුවියක් ලෝකාන්තයේ ප්‍රපාතයකට වැ#යි
01:53
Video thumbnail
ආණ්ඩුව වැලේ වැල් නැතුව ඉන්නේ
00:49
Video thumbnail
විමල් ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
14:50