ජනපති අරමුදලෙන් උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීම හෙට ඇරඹේ

පසුගිය 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේ දී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කර තිබෙන අතර, එහි සමාරම්භක උත්සවය හෙට (22) කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් කිළිනොච්චියේ දී පැවැත් වෙනවා.

2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී සෑම විෂය ධාරාවකින්ම විශිෂ්ට කුසලතා දැක් වූ සිසුන් එක් දිස්ත්‍රික්කයකින් 60 දෙනෙකු බැගින් තෝරාගෙන ඔවුන්ට මූල්‍ය ශිෂ්‍යත්ව සහ සහතික පත් ප්‍රදානය කිරීම මෙම වැඩසටහන යටතේ සිදුකරනු ලබනවා.

පළාත් අනුව ක්‍රියාත්මක වන එම වැඩසටහනේ පළමු වැඩසටහන හෙට (22) කිළිනොච්චියේදී පැවැත්වෙන අතර, 2023 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක් වූ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවල විශිෂ්ටයෝ එහිදී ඇගයීමට ලක් කෙරෙනවා.

ඉදිරියේදී අනෙකුත් දිස්ත්‍රික්කවල ද එලෙස දක්ෂතා දැක් වූ සිසුන් ඇගයීමට ජනාධිපති අරමුදල කටයුතු සූදානම් කරමින් සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?