AFC Banner
Empty Ad
Empty Ad

ජනපති අපේක්ෂකයින් සහ මැතිවරණ කොමිසම අතර හෙට විශේෂ සාකච්ඡාවක්

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්, ඔවුන්ගේ නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් හෙට (09) පෙරවරුවේ පැවැත්වෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක අද (07) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කළා.

ඊට අමතරව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සමඟ සාකච්ඡාවක් හෙට (09) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව ද සභාපතිවරයා පැවසුවා.

ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

මේ අතර ගෙයින් ගෙට ගොස් සිදුකරන මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා පස්දෙනෙකුට නොවැඩි කණ්ඩායමක් සඳහා යෑමය හැකියාව ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඊට වැඩියෙන් පිරිස් ගමන් කරන්නේ නම් එම අය සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් ලබා දි ඇතැයිද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?