ජනපති අපේක්ෂකයින් සහ මැතිවරණ කොමිසම අතර හෙට විශේෂ සාකච්ඡාවක්

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්, ඔවුන්ගේ නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් හෙට (09) පෙරවරුවේ පැවැත්වෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක අද (07) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කළා.

ඊට අමතරව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සමඟ සාකච්ඡාවක් හෙට (09) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව ද සභාපතිවරයා පැවසුවා.

ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

මේ අතර ගෙයින් ගෙට ගොස් සිදුකරන මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා පස්දෙනෙකුට නොවැඩි කණ්ඩායමක් සඳහා යෑමය හැකියාව ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඊට වැඩියෙන් පිරිස් ගමන් කරන්නේ නම් එම අය සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් ලබා දි ඇතැයිද ඔහු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සාක්ෂි ගැන අහද්දි සජබ රෝහණට උත්තර නැතිවුණාද ?මෙතන කියන්න බෑ...මාව අපහසුතාවයට පත් කරන්න එපා
01:11
Video thumbnail
පැරදුණත් යන්නේ නැති තැන් මේ - කළින් හිටියේ පිල් මාරු කරපු මන්ත්‍රීවරයෙක්..දැන් හොරකම් කරන්නේ නෑ
02:37
Video thumbnail
විනිසුරුවරුන් සෙට් එකම මැ#ණොත් කොහොමද නඩු වේගවත් කරන්නේ ?නඩු ඉවර කර ගන්න සජබයෙන් දුන් විකල්ප
02:14
Video thumbnail
අපි සදාකාලිකව දේශපාලනයේ ඉන්නේ නෑ - පැරදුණොත් එළියේ..මේ යන්නේ ඒකාධිපති ගමන් මාර්ගයක්
08:58
Video thumbnail
පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි
00:42
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස
00:45
Video thumbnail
අපි පාර්ලිමේන්තුවෙන් එළියට බැස්සා ඇමතිකම් අතහැරලා - රාජිත ආණ්ඩුවට සැරටම අමතයි
02:43
Video thumbnail
ඒකාබද්ධ වෘර්තීය සමිති පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි - අනුර, හර්ෂ පුරප්පාඩු පුරවාපන්
01:00
Video thumbnail
කොට අයට අනිවාර්ය නැති සීට් බෙල්ට් නීතිය - අඩි හතර හමාරට අඩු අයට සීට් බෙල්ට් නීතිය අනිවාර්ය නෑ
01:00