AFC Banner
Empty Ad
Empty Ad

ජනපති – අගමැති විවෘත කළ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර

මධ්‍යම අධිවේගී මර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස මිට සුළු මොහොතකට පෙර ජනතා අයිතියට පත් කෙරුණා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී.

මධ්‍යම අධිවේග මාර්ගයේ දෙවන අදියරේ මිරිගම – කුරුණැගල දක්වා කොටස කිලෝමීටර් 40.91ක දුරින් යුක්ත වන අතර මේ සඳහා රුපියල් බිලියන 137ක් වැය වී ඇත.

පාරිසරික සහ සමාජීය බලපෑම් අවම වනපරිදි ඉදිකර ඇති මෙම අධිවේග මාර්ගය නාගරික ප්‍රදේශ මගහරිමින් ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා ඉදිකර ඇත.

මංතීරු 4ක් යටතේ ඉදිකළ මෙම මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස දැනට ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙස හඳුනාගෙන තිබේ.

මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන් හි මුදල් ගෙවීමේ කවුළු සහිතව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5 ඉදිකර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?