ජනපති, අගමැතිනි ඇතුළු දේශපාලන ප්‍රබලයෝ ඡන්දය භාවිත කරති (වීඩියෝ)

වසර 07ක් පුරා විවිධ හේතු මත කල් දැමීම්වලට ලක් වුණු පළාත් පාලන ආයතන මැතිවරණයේ ඡන්ද විමසීමේ ක්‍රියාවලිය අද (06) පස්වරු 04ට අවසන් කෙරුණා.

තෙදින නිල සංචාරයක් සඳහා වියට්නාමය වෙත ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පස්වරු 01.25ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණි අතර ඉන් පසුව ජනාධිපතිවරයා මාලිගාවත්ත – අබේසිංහාරාමයේ දී සිය ඡන්දය භාවිත කිරීම සඳහා එක් ව සිටියා.

ඉන් අනතුරුව අද දහවල් කාලයේ දී අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මෙනවිය ද මිරිහාන පිහිටි සමෘද්ධි ශාලාවේ දී ඡන්දය භාවිත කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඡන්දය භාවිත කිරීම සිදු කළේ රාජගිරිය – කොටුවේගොඩ විවේකාරාමයට පැමිණෙමින්.

පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ද අද පස්වරුවේ පැමිණ ඡන්දය භාවිත කළා.

හිටපු ජනාධිපතිවරයා කොළඹ විශ්වවිද්‍යාලයේ කොලේජ් හවුස් හි දී ඡන්දය භාවිත කිරීම සඳහා එක් ව සිටියා.

මීට අමතර ව සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ද මිරිහාන ශ්‍රී චන්දාරාම විහාරස්ථානයේ දී ඡන්දය විමසීමේ කටයුතු සඳහා පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40