ජනපති, අගමැතිනි ඇතුළු දේශපාලන ප්‍රබලයෝ ඡන්දය භාවිත කරති (වීඩියෝ)

වසර 07ක් පුරා විවිධ හේතු මත කල් දැමීම්වලට ලක් වුණු පළාත් පාලන ආයතන මැතිවරණයේ ඡන්ද විමසීමේ ක්‍රියාවලිය අද (06) පස්වරු 04ට අවසන් කෙරුණා.

තෙදින නිල සංචාරයක් සඳහා වියට්නාමය වෙත ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පස්වරු 01.25ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණි අතර ඉන් පසුව ජනාධිපතිවරයා මාලිගාවත්ත – අබේසිංහාරාමයේ දී සිය ඡන්දය භාවිත කිරීම සඳහා එක් ව සිටියා.

ඉන් අනතුරුව අද දහවල් කාලයේ දී අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මෙනවිය ද මිරිහාන පිහිටි සමෘද්ධි ශාලාවේ දී ඡන්දය භාවිත කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඡන්දය භාවිත කිරීම සිදු කළේ රාජගිරිය – කොටුවේගොඩ විවේකාරාමයට පැමිණෙමින්.

පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ද අද පස්වරුවේ පැමිණ ඡන්දය භාවිත කළා.

හිටපු ජනාධිපතිවරයා කොළඹ විශ්වවිද්‍යාලයේ කොලේජ් හවුස් හි දී ඡන්දය භාවිත කිරීම සඳහා එක් ව සිටියා.

මීට අමතර ව සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ද මිරිහාන ශ්‍රී චන්දාරාම විහාරස්ථානයේ දී ඡන්දය විමසීමේ කටයුතු සඳහා පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17
Video thumbnail
මන්ද බුද්ධික පාලකයන්ව ස්වභාව ධර්මයෙන් ඉවත් කරනවා..රන්වලගේ කෙරුවාව හොඳටම දන්නේ රනිල්
05:20
Video thumbnail
බාල බෙහෙත් ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
11:17
Video thumbnail
මුන් තියන් ඉන්නේ කකුල් දෙක මිරිකන්නද?..මාලිමාවට හැමදාම බලය නෑ..බලය ටික කාලයයි
05:17
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18


?