ජනපතිවරණ අපේක්ෂකයා ගැන හරින්ගෙන් අනාවරණයක්

මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකත්වයට ඉදිරිපත් වන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා.

වත්තල ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ එම මැතිවරණයෙන් වත්මන් ජනාධිපතිවරයා යළිත් ජනාධිපති ධුරයට පත්වීම වැළැක්විය නොහැකි බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ඥානාන්විත ජනතාව ගන්නා පියවර දැක ගත හැකි වනු ඇතැයි ද හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ හමුවේ පරාජයට පත්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වී රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ද පරාජයට පත්වුවහොත් ඔහුගේ දේශපාලන දිවිය එතැනින් අවසන් වනු ඇති බවයි අමාත්‍ය හරින් ප්‍රනාන්දු අනතුරු අඟවන්නේ.

එබැවින් පසුව හෝ එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට අවශ්‍යතාවක් පවතී නම් තරග නොකර සිටීම වැදගත් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසු තමාට අවශ්‍ය විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට බව පවසමින් අවසන් මොහොතේ ඩලස් අලහප්පෙරුම මහතා අපේක්ෂකත්වයට ඉදිරිපත් කර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තරග කිරීමෙන් ඉවත්වන බවටයි හරින් ප්‍රනාන්දු මහතා අනාවැකි පළ කළේ.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා…

සජිත් ප්‍රේමදාස කියන්නේ වැඩ්ඩෙක් කියලා තමයි හැමෝම හිතාගෙන හිටියේ. දුන්නොත් කරයි කියලා හැමෝම හිතාගෙන හිටියා. ඒත් හරින් කියන්නේ වැඩ්ඩෙක් නෙමෙයි, වැඩ බැරි දාස කෙනෙක් කියලා පෙන්වන්නට හරින්ටයි මටයි පුලුවන්කම ලැබුණා. වැඩබැරි දාස කෙනෙක් කියලා රටට පෙන්නලා එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරන්න අපිට පුලුවන් වුනා. දැන් අයිමත් මට රට දෙන්න කියලා කියලා කියන්න ඔහුට අයිතියක් නෑ. ප්‍රේමදාස නෙමෙයි, වැඩ බැරි දාස කෙනෙක් කියලා පෙන්නුවා

රනිල් වික්‍රමසිංහ නායකතුමාට දුර දක්නා දැක්මක් තිබුණා. මැයි මාසය, ජුනි මාසය වන විට අර්බුද ඇතිවෙනවා කියලා එතුමා කිව්වේ මාස ගණනාවකට පෙරදීයි. පක්ෂ දේශපාලනය අමතක කරලා, එකතු වෙලා මේ ප්‍රශ්ණය විසදා ගනිමු කියලා, හරිනුත් මමත් විවිධ අවස්ථාවලදී හැමෝගෙන්ම ඉල්ලුවා. අපිට තිබුණේ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එකයි. කිරිපිටි ටික නැතිවෙන්න යනවා, තෙල් ටික නැතිවෙන්න යනවා, පෝලිම් හැදෙන්න යනවා කියලා අපි කලින්ම කිව්වා. ඒ නිසා තමයි ගෝඨාට බෑ කියලා අපි පාර්ලිමේන්තුවේදී කිව්වේ ඒ නිසා. ගෝඨාට බෑ කියලා විතරක් නෙමෙයි, ගෝඨාට පිස්සු කියලත් කිව්වා. ඒ විතරක් නෙමෙයි, ගෝඨා ගෝ හෝම් කියලා ජනාධිපති මන්දිරය ඉස්සරහට ගිහින් ගෝඨා ගෝ හෝම් කියන වැඩපිළිවෙල පටන් ගත්තේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාගේ නායකත්වයෙන් කියන එක අපිට අමතක කරන්න බෑ. අන්තිමේදී ඒක ත්‍රස්තවාදීන් අතට ගත්තට ජනතාව අතරින් ආපු විරෝධය ඉදිරියට ගෙන යන්න අපිට පුලුවන් කම ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
14
+1
0
+1
0
+1
3
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34