AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිවරණය පැවැත්වෙන දිනය හා ක්‍රියාපටිපාටිය ගැන අතිවිශේෂ ගැසට්ටුව හෙට (නිවේදනය)

ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ නෛතික විධිවිධාන අනුව ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමට නියමය පළ කරන දිනය, නාම යෝජනා භාර ගැනීමේ දිනය, ස්ථානය හා ඡන්ද විමසීමේ දිනය පිළිබඳ ව දැනුම්දීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය හෙට (26) දින ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළ බවයි.

මෙම තීරණය ගෙන ඇත්තේ අද දින විශේෂ සාකච්ඡාවක් සඳහා මැතිවරණ කොමිෂන් සභාව රැස් වූ අවස්ථාවේ දී බවත් වාර්තා වනවා.

එමෙන්ම ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය හා සෙසු ව්‍යවස්ථාපිත කාර්‍යයන් පිළිබඳ ව විවිධ පුද්ගලයින් හා පාර්ශ්ව විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශ පිළිබඳ ව මැතිවරණ කොමිෂන් සභාව කිසිදු වගකීමක් නොමැති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?