AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිවරණය පැවැත්වීමේ නිවේදනය ජුලි අවසන්වීමට පෙර (වීඩියෝ)

හෙට (17) දිනයේ සිට මේ මස අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමේ නිවේදනය නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ වන විට පැවැත්වෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මැතිවරණය පැවැත්වීමේ නිවේදනය නිකුත් කිරීමට අවශ්‍ය නම් අගෝස්තු මස 20 වනදා දක්වා කොමිසමට බලය ඇති බවයි.

මේ අතර එළඹෙන ජනාධිපතිවරණය අදාළ ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් 2024 සකස් කරන ලද ප්‍රධාන ඡන්ද හිමි නාමලේඛනය යොදාගන්නා බවයි සභාපතිවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?