ජනපතිට කාන්තාවක අලලා සමාජ මාධ්‍යයේ සිදුකෙරෙන අපහාසයක් ගැන CIDයට පැමිණිල්ලක්

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ කීර්ති නාමයට සහ චරිතයට අපහාස වන අයුරින් කාන්තාවක සම්බන්ධකර සමාජ මාධ්‍යවල පළ වන වාර්තා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නීතිඥවරයෙකු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

නීතීඥ අකලංක උක්වත්ත විසින් අද (07) මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත බවයි එම නීතිඥවරයා සඳහන් කළේ.

දින කිහිපයක් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාතික ජන බලවේගයේ ඇතැම් ප්‍රබලයින් ව්‍යාපාරික කාන්තාවකට සම්බන්ධ කරමින් සමාජ මාධ්‍යවල විවිධ ප්‍රකාශ මෙන්ම ඡායාරූප ද සංසරණය වන අයුරු දැකගත හැකි වුණා.

ඒ, ජනාධිපතිවරයා දුර පළාත්වල සිදුකරන සංචාරවලදී නිල නිවාසවල නොව අදාළ කාන්තාවට හිමි හෝටල්වල නතර වන බවට විවේචනය කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
8
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?