ජනපතිට අපහාස කළාට තිස්සකුට්ටි අධිකරණයේ දී කණගාටුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කොන්දේසි විරහිතව කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි අද (29) කොළඹ දිසා අධිකරණය හමුවේ දැනුම් දුන්නා.

තමන්ට සිදුකළ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන දහයක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා අනුර කුමාර දිසානායක විසින් ගොනුකර තිබූ නඩුවක් අද (29) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී අධිකරණය හමුවේ පෙනී සිටි තිස්ස කුට්ටිආරච්චි සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදුකළා.

ඉන් අනතුරුව එම නඩුව දෙපාර්ශ්වයේ එකඟත්වය ඇතිව සමථයකට පත් කෙරුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
31
+1
2
+1
1
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?