ජනපතිගේ මිරිහානේ නිවස, විරෝධතාකරුවන්ගෙන් රැකගන්න නිශ්ෂංක සේනාධිපති 200ක බලඇණියක් යොදවලා

පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස පිහිටි මිරිහාන ප්‍රදේශයේ පැවති විරෝධතාවට ඇවන්ට් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පුද්ගලයින් 200 දෙනෙකු යෙදවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

අද (අප්‍රේල් 6) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා

ආදාළ සිදුවීම අතරතුර ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් හදිසි රැස්වීමක් කැඳවූ බව ත් ඊට නිශ්ශංක සේනාධිපති මහතා සහභාගි වූ බව ත් ඔහු එහිදී පැවසීය.මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, එම රැස්වීම මෙහෙයවනු ලැබුවේ නිශ්ශංක සේනාධිපති විසින් බව ය.

“මිරිහාන සිදුවීම යනකොට ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ආරක්ෂක අමාත්‍යංශයේ හදිසි රැස්වීමක් කැඳෙව්වා. ඒ රැස්වීමට ඇවන්ට් ගාඩ් එකේ ප්‍රධානියා නිශ්ශංක සේනාධිපති ත් සම්බන්ධ වුණා. මම වගකීමෙන් කියන්නේ. නිශ්ශංක සේනාධිපති තමයි සම්පූර්ණ එතන රැස්වීම මෙහෙයුවේ. නිශ්ශංක සේනාධිපති ඉතා පැහැදිලිව කිව්වා බය වෙන්න දෙයක් නැහැ, මම මිරිහානට 200ක් බැස්සුවා කියලා. පවුල් පිටින් මම 200ක් බැස්සුවා කිව්වා. ආණ්ඩුව ම පිරිස් යොදවලා, ආණ්ඩුව ම දැනුවත්ව මැදිහත් වෙලා උද්ඝෝෂණ කඩාකප්පල්කාරී කරලා ප්‍රචණ්ඩකාරී විධියට හැසිරෙන ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් තියෙනවා.”