ජනතාව ඉල්ලීමක් කරන්නේ නම් ජනපති සටනට එනවා – රොෂාන් රණසිංහ

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා රටේ ජනතාව තමාගෙන් ඉල්ලීමක් කරන්නේ නම් එම ඉල්ලීම ප්‍රතික්ෂේප නොකරන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසනවා.

මහනුවරදී අද මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

හිටපු අමාත්‍යවරයා ප්‍රථමයෙන් මල්වතු මහා විහාරයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමි මෙන්ම එම පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. නාහිමිවරු දෙපළ මෙහිදී කියා සිටියේ අද සෑම තැනකම වංචාව දූෂණය රජයන බවයි.

අනතුරුව අස්ගිරි මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත් රොෂාන් රණසිංහ මහතා මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.

ඔහු කියාසිටියේ වර්තමානය වන විට මෙරට සෑම අස්සක් මුල්ලක් නෑරම අඩු වැඩි වශයෙන් වංචා දූෂණ සිදු වන බවයි.

එම වංචා දූෂණ පෙන්වා දෙන ඊට එරෙහිව සටන් කරන සියලු දෙනාගේ බෙල්ල කැපී යන බවයි ඔහු සඳහන් කළේ.

නමුත් තමාගේ සටන ජනතාව වෙනුවෙන් දිගටම රැගෙන යන අතර ක්‍රිකට් දූෂිතයන්ගෙන් රට බේරා ගැනීම ඉදිරි ජනපතිවරණයේදී හෝ සිදුකරන බවත් රටේ වංචා දූෂණ අහෝසි කිරීම තමාට සිදු කළ හැකි බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?