ජනතාව ඉල්ලීමක් කරන්නේ නම් ජනපති සටනට එනවා – රොෂාන් රණසිංහ

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා රටේ ජනතාව තමාගෙන් ඉල්ලීමක් කරන්නේ නම් එම ඉල්ලීම ප්‍රතික්ෂේප නොකරන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසනවා.

මහනුවරදී අද මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

හිටපු අමාත්‍යවරයා ප්‍රථමයෙන් මල්වතු මහා විහාරයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමි මෙන්ම එම පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. නාහිමිවරු දෙපළ මෙහිදී කියා සිටියේ අද සෑම තැනකම වංචාව දූෂණය රජයන බවයි.

අනතුරුව අස්ගිරි මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත් රොෂාන් රණසිංහ මහතා මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.

ඔහු කියාසිටියේ වර්තමානය වන විට මෙරට සෑම අස්සක් මුල්ලක් නෑරම අඩු වැඩි වශයෙන් වංචා දූෂණ සිදු වන බවයි.

එම වංචා දූෂණ පෙන්වා දෙන ඊට එරෙහිව සටන් කරන සියලු දෙනාගේ බෙල්ල කැපී යන බවයි ඔහු සඳහන් කළේ.

නමුත් තමාගේ සටන ජනතාව වෙනුවෙන් දිගටම රැගෙන යන අතර ක්‍රිකට් දූෂිතයන්ගෙන් රට බේරා ගැනීම ඉදිරි ජනපතිවරණයේදී හෝ සිදුකරන බවත් රටේ වංචා දූෂණ අහෝසි කිරීම තමාට සිදු කළ හැකි බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58