AFC Banner
Empty Ad
Empty Ad

ජනතාවට සහනය ලබාදිය යුතු ආකාරය පාඨලී කියයි

විදුලිබල මණ්ඩලය මේ වසරේ පළමු මාස අට තුළ රුපියල් බිලියන 145ක ලාභයක් උපයා ඇති බවත්, සෑම පාරිභෝගිකයෙකුගෙන් ම රු. 20,000 ක් අමතරව ලබා ගෙන ඇති බවත්, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් විදුලි බිලේ සහනය වත්මන් රජය විසින් වහා ජනතාව වෙත ලබා දිය යුතු බවයි.

නමුත් විදුලි බිල අඩු කිරීම සඳහා තවම යෝජනාවක් හෝ ඉදිරිපත් වී නොමැති බවත් වේදිකාවල කුමන දේවල් ප්‍රකාශ කරත් යථාර්ථය මෙය බව ද, හෙතෙම පෙන්වා දෙනවා.

ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද්ධය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය පිළිබඳව ඔහු පෙන්වා දී ඇත්තේ; එය ඉතා අයහපත් ලෙස මෙරටට බලපෑ හැකි බවයි.

එසේම ජනාධිපතිවරයා වෙත රුසියාවෙන් BRICS සඳහා සහභාගී වීමට සිදු කරන ලද ආරාධනය පිළිඳව ධනාත්මක යහපත් ප්‍රතිචාරයක් පාඨලී චම්පික රණවක දක්වා තිබුණා.

එක්සත් ජාතික පක්ෂයේ වෙනත් විවිධ කණ්ඩායම්වල සිටිනා පුද්ගලයන් ගේ එකමුතුවක් මේ වනවිට සමගි ජන සන්ධානයට ඇති බවත් එමගින් තමන් තරඟ කිරීමට අපේක්ෂා කරන බවත් මොහු ප්‍රකාශ කර තිබෙනවා.

බහුතර ඡන්ද ප්‍රමාණයක් විපක්ෂයට ලැබුණු බව සහ, බහුතරය ක්‍රියාත්මක වීමට පාර්ලිමේන්තුව අවශ්‍ය මෙන්ම, අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කර ඇති බවද මෙහිදී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?