ජනතාවට සහනය ලබාදිය යුතු ආකාරය පාඨලී කියයි

විදුලිබල මණ්ඩලය මේ වසරේ පළමු මාස අට තුළ රුපියල් බිලියන 145ක ලාභයක් උපයා ඇති බවත්, සෑම පාරිභෝගිකයෙකුගෙන් ම රු. 20,000 ක් අමතරව ලබා ගෙන ඇති බවත්, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් විදුලි බිලේ සහනය වත්මන් රජය විසින් වහා ජනතාව වෙත ලබා දිය යුතු බවයි.

නමුත් විදුලි බිල අඩු කිරීම සඳහා තවම යෝජනාවක් හෝ ඉදිරිපත් වී නොමැති බවත් වේදිකාවල කුමන දේවල් ප්‍රකාශ කරත් යථාර්ථය මෙය බව ද, හෙතෙම පෙන්වා දෙනවා.

ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද්ධය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය පිළිබඳව ඔහු පෙන්වා දී ඇත්තේ; එය ඉතා අයහපත් ලෙස මෙරටට බලපෑ හැකි බවයි.

එසේම ජනාධිපතිවරයා වෙත රුසියාවෙන් BRICS සඳහා සහභාගී වීමට සිදු කරන ලද ආරාධනය පිළිඳව ධනාත්මක යහපත් ප්‍රතිචාරයක් පාඨලී චම්පික රණවක දක්වා තිබුණා.

එක්සත් ජාතික පක්ෂයේ වෙනත් විවිධ කණ්ඩායම්වල සිටිනා පුද්ගලයන් ගේ එකමුතුවක් මේ වනවිට සමගි ජන සන්ධානයට ඇති බවත් එමගින් තමන් තරඟ කිරීමට අපේක්ෂා කරන බවත් මොහු ප්‍රකාශ කර තිබෙනවා.

බහුතර ඡන්ද ප්‍රමාණයක් විපක්ෂයට ලැබුණු බව සහ, බහුතරය ක්‍රියාත්මක වීමට පාර්ලිමේන්තුව අවශ්‍ය මෙන්ම, අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කර ඇති බවද මෙහිදී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් කියා සිටියා.

පාඨලී චම්පික රණවක මේ පිළිබඳව සඳහන් කර සිටියේ අද (02) දින ඔහුට ගොණු කර තිබූ නඩුවකට සහභාගී වී කොළඹ මහාධිකරණයෙන් පිටතට පැමිණෙමින් සිටි අවස්ථාවේදියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20