අභියෝග ජය ගැනීමට සහ සැමට සමාන අවස්ථා හිමිවන අනාගතයක් ගොඩනැඟීමට කාන්තා හඬ, නායකත්වය සහ නියෝජනය අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කරනවා.
ලොවපුරා කාන්තාවන්ගේ ජීවිතවලට බලපාන ව්‍යුහාත්මක අසමානතාවයන්ට මෙන්ම ස්ත්‍රී විරෝධී මතවාදයන්ට මුහුණදීමටත් එකට එක්විය යුතු කාලයක් බවයි අග්‍රාමාත්‍යවරිය එම සුබපැතුම් පණිවුඩය මඟින් පෙන්වා දී ඇත්තේ.
මෙම ජාත්‍යන්තර කාන්තා දිනයේදී, වචනවලින් ඔබ්බට ගොස්, අතීත,වර්තමාන හා අනාගත පරම්පරාවන් උදෙසා ක්‍රියාත්මක වී දිගු කාලීන වෙනසක් සඳහා කැප වෙමු යන්න එම පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1












