AFC Banner
Empty Ad
Empty Ad

ජගත් ක්‍රිකට් පිටියෙන් බැසයන වෝනර්

මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියෙන් ඕස්ට්‍රේලියාවට ඉවත්වීමට සිදුවීමත් සමඟ සුපිරි ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ගේ ජාත්‍යන්තර විශ්‍රාම ගැනීම ද තහවුරු වී තිබෙනවා.

වෝනර්ගේ වසර 15ක ජාත්‍යනතර ක්‍රිකට් දිවියේ විශ්‍රාම ගැනීම ක්‍රමානුකූල එකක් වූ අතර, පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඔහුගේ අවසන් ජාත්‍යන්තර එක්දින තරගය වූ අතර, මෙම වසරේ ජනවාරි මාසයේ පාකිස්තානයට එරෙහිව ඔහු අවසන් ජාත්‍යන්තර ටෙස්ට් තරගයට ක්‍රීඩා කළා.

ඒ, අනුව මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලිය ඔහුගේ අවසන් තරඟාවලිය වනු ඇතැයි බොහෝ කලක සිට සංඥා කර තිබුණා.

මේ වනවිට 37 හැවිරිදි වියේ පසුවන ඩේවිඩ් වෝනර් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ජාත්‍යනතර ටෙස්ට් තරග 112ක්, එක්දින තරග 161ක් සහ විස්සයි විස්ස තරග 110ක් ක්‍රීඩා කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් බැසයන මෙම ප්‍රහාරාත්මක වමත් පිතිකරුවා ෆ්රැන්චයිස් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීම පිළිබඳව තවමත් කිසිවක් පවසා නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
1
+1
21
+1
6
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?