ජගත් ක්‍රිකට් පිටියෙන් බැසයන වෝනර්

මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියෙන් ඕස්ට්‍රේලියාවට ඉවත්වීමට සිදුවීමත් සමඟ සුපිරි ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ගේ ජාත්‍යන්තර විශ්‍රාම ගැනීම ද තහවුරු වී තිබෙනවා.

වෝනර්ගේ වසර 15ක ජාත්‍යනතර ක්‍රිකට් දිවියේ විශ්‍රාම ගැනීම ක්‍රමානුකූල එකක් වූ අතර, පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඔහුගේ අවසන් ජාත්‍යන්තර එක්දින තරගය වූ අතර, මෙම වසරේ ජනවාරි මාසයේ පාකිස්තානයට එරෙහිව ඔහු අවසන් ජාත්‍යන්තර ටෙස්ට් තරගයට ක්‍රීඩා කළා.

ඒ, අනුව මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලිය ඔහුගේ අවසන් තරඟාවලිය වනු ඇතැයි බොහෝ කලක සිට සංඥා කර තිබුණා.

මේ වනවිට 37 හැවිරිදි වියේ පසුවන ඩේවිඩ් වෝනර් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ජාත්‍යනතර ටෙස්ට් තරග 112ක්, එක්දින තරග 161ක් සහ විස්සයි විස්ස තරග 110ක් ක්‍රීඩා කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් බැසයන මෙම ප්‍රහාරාත්මක වමත් පිතිකරුවා ෆ්රැන්චයිස් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීම පිළිබඳව තවමත් කිසිවක් පවසා නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33