spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජගත් එක්දින පිටියේ වනිඳුගෙන් සුපිරි වාර්තාවක්

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර එක්දින පිටියේ වාර්තාවක් පිහිටුවීමට අද (25) සමත් වුණා.

ඒ, ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට තරග තුනක දී කඩුලු පහ බැඟින් දවාගත් ලොව දෙවැනි ක්‍රීඩකයා බවට පත් වෙමින්.

මීට පෙර පාකිස්ථාන හිටපු වේග පන්දු යවන්නෙකු වන වකාර් යුනිස් එම වාර්තාව පිහිටුවා තිබුණා.

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අයර්ලන්තය සමඟ අද පැවති තරගයේ දී කඩුලු පහක් දවාගැනීමට වනිඳුට හැකියාව ලැබුණා.

මීට පෙර පැවති ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරග දෙකේ දී ද වනිඳු පිළිවෙලින් කඩුලු 05ක් සහ 06ක් දවාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
76
+1
1
+1
34
+1
10
+1
2
+1
7
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?