ජංගම යෙදුමක් බාගත කිරීම ප්‍රමාද වූ කෝපයට පියා, පුතාට පිහියෙන් ඇනලා

ජංගම යෙදුමක් බාගත කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත සිය පුත්‍රයාට පියා විසින් පිහියකින් ඇනීමේ සිදුවීමක් ඉන්දියාවේ දිල්ලි නුවර මධුවිහාර් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාළ 64 හැවිරිදි පුද්ගලයා සිය 23 හැවිරිදි පුත්‍රයාට ඊයේ මෙලෙස පිහියෙන් ඇන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මෙම පුද්ගලයා යම් මුදලක් ගෙවීම සඳහා තම බිරිඳගේ ජංගම දුරකථනයට යෙදුමක් බාගත කරන ලෙස ඉල්ලා තිබෙනවා.

එහිදී අදාළ යෙදවුම බාගත කිරීමට ප්‍රමාදවීම හේතුවෙන් මෙම බිරිඳ සහ සැමියා අතර ආරවුලක් හටගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම අවස්ථාවේ ඔවුන්ගේ ආරවුලට මැදි වූ පුත්‍රයාට පියා විසින් මෙලෙස පිහියකින් ඇන ඇති බවටයි වාර්තා වන්නේ.

පිහි අනුමෙන් තුවාල ලැබූ පුත්‍රයා, ආදිත්‍යව ලාල් බහදූර් ශාස්ත්‍රි රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
10
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?