ජංගම යෙදුමක් බාගත කිරීම ප්‍රමාද වූ කෝපයට පියා, පුතාට පිහියෙන් ඇනලා

ජංගම යෙදුමක් බාගත කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත සිය පුත්‍රයාට පියා විසින් පිහියකින් ඇනීමේ සිදුවීමක් ඉන්දියාවේ දිල්ලි නුවර මධුවිහාර් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාළ 64 හැවිරිදි පුද්ගලයා සිය 23 හැවිරිදි පුත්‍රයාට ඊයේ මෙලෙස පිහියෙන් ඇන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මෙම පුද්ගලයා යම් මුදලක් ගෙවීම සඳහා තම බිරිඳගේ ජංගම දුරකථනයට යෙදුමක් බාගත කරන ලෙස ඉල්ලා තිබෙනවා.

එහිදී අදාළ යෙදවුම බාගත කිරීමට ප්‍රමාදවීම හේතුවෙන් මෙම බිරිඳ සහ සැමියා අතර ආරවුලක් හටගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම අවස්ථාවේ ඔවුන්ගේ ආරවුලට මැදි වූ පුත්‍රයාට පියා විසින් මෙලෙස පිහියකින් ඇන ඇති බවටයි වාර්තා වන්නේ.

පිහි අනුමෙන් තුවාල ලැබූ පුත්‍රයා, ආදිත්‍යව ලාල් බහදූර් ශාස්ත්‍රි රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21