AFC Banner
AFC Banner
Empty Ad

ඡන්ද විමසීමේ දිනය නියම කරමින් අති විශේෂ ගැසට් පත්‍ර නිකුත් වෙයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන අප්‍රේල් මස 25 වන දින පැවැත්වීමට නියම කරමින් එක් එක් තේරීම් භාර නිලධාරීවරුන් විසින් අති විශේෂ ගැසට් පත්‍ර නිකුත් කර තිබෙනවා.

2322/28 සිට 2322/52 දක්වා මාර්තු 8 වන දිනය සහිතවයි මෙම ගැසට් නිවේදන නිකුත් කරනු ලැබ ඇත්තේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම ඡන්දවිමසීම පැවැත්වීමට අදාළව අධිකරණ තීන්දුවට අනුව වගඋත්තරකාර පාර්ශව මැතිවරණ කොමිෂන් සභාව වෙත ගෙන්වා නියමිත දිනට ඡන්ද විමසීම පැවැත්වීමට හැකිවන පරිදි පවතින බාධා ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර එකඟතා කිහිපයකට ද එළඹී බවයි.

electionCommision
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?