AFC Banner
AFC Banner
Empty Ad

ඡන්ද විමසීමෙන් පසු දිවයින පුරා විශේෂ පොලිස් ආරක්ෂාවක් – පොලිසියේ 63,145ක් මැතිවරණ රාජකාරියේ

මැතිවරණ රාජකාරී වෙනුවෙන් පොලිස් නිලධාරීන් 63,145 දෙනෙක් ඍජුවම යෙදවීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

අද (08) පස්වරුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් 3,200 දෙනෙකු මැතිවරණ රාජකාරී වෙනුවෙන් යෙදවීමට කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.

මේ අතර විශේෂිත ස්ථානවල ආරක්ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන් මැතිවරණ රාජකාරී වෙනුවෙන් එම ස්ථානවලින් ඉවත්කර ගැනීමට සිදුවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඒ, අනුව එම ස්ථානවල ආරක්ෂාව සදහා හමුදා නිලධාරීන් යෙදවීමට සිදුවන බව ද ඔහු මෙම මාධ්‍ය හමුවේ දී පැවසුවා.

එමෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වූ පසු දිවයින පුරා මාර්ග බාධක 269ක් සහ ජංගම සංචාර 3,109ක් ක්‍රියත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඊට අමතරව දිවයින පුරා ක්‍රියාත්මකවන පරිදි කැරළි මර්ධන කණ්ඩායම් 241ක් සැලසුම් කර ඇති අතර, බුද්ධි නිලධාරීන් ද ආරක්ෂාව සඳහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?