AFC Banner
Empty Ad
Empty Ad

ඡන්ද දිනය වෙනස් කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසමට පැමිණිලි

පාර්ලිමේන්තුව මහ මැතිවරණය පැවැත්වෙන නොවැම්බර් මස 14 වැනි බ්‍රහස්පතින්දා දිනය වෙනස් කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි ඉදිරිපත් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ඡන්දය පැවැත්වීමට නියමිත දිනට පසුදින එනම් නොවැම්බර් 15 වැනි සිකුරාදා බිනර පුර පසළොස්වක පොහොය බවත් එදින කඨින චීවර පූජාවේ අවසන් පොහොය බැවින් ආගමික වශයෙන් වැදගත් දිනයක් බවට ප්‍රකාශ කරමින් මැතිවරණ දිනය වෙනත් දිනයක පැවැත්වීමට කටයුතු සිදු කරන ලෙස පැමිණිලි ලැබී ඇති බවයි.

මැතිවරණය වෙනත් දිනයක පවත්වන ලෙස ඉල්ලා අද (30) පෙරවරුවේ ශාක්‍ය පුත්‍ර ජාත්‍යන්තර සංවිධාන‍යේ පූජ්‍ය බලන්ගොඩ කශ්‍යප හිමි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එමෙන්ම මැතිවරණ දිනට කලින් යෙදෙන ඉල්මහ විරු සැමරුම පවතින රජයට දේශපාලන වාසියක් අත්කරදීමේ හැකියාවක් ඇති බව ද මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇති බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?