AFC Banner
AFC Banner
Empty Ad

ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

එළඹෙන ජනාධිපතිවරණය සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සුරක්ෂිතව බෙදාහැරීම සහතික කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.

මැතිවරණ කටයුතු පැවැත්වෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාල කේන්ද්‍ර කර ගනිමින් මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මැතිවරණ කාලසීමාව තුළ සාමය සහ ආරක්‍ෂාව පවත්වාගෙන යාමේ සුවිශේෂී පියවරක් ලෙස මැතිවරණ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 54,000ක් යෙදවීමට නියමිතව ඇති බවයි වාර්තා වුණේ.

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (02) දිනයේ තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබුණා.

එම කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක තහවුරු කළේ බෙදාහැරීම සඳහා ඡන්ද කාඩ්පත් 17,140,354ක් ඇති බවයි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දී තේරීම් භාර නිලධාරීන් විසින් ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදෙන බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර තැපැල් සේවකයින් 8,000ක් ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සඳහා අනුයුක්ත කර ඇති අතර, එම කටයුතු හෙට (03) දිනයේ සිට ආරම්භ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?