ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

එළඹෙන ජනාධිපතිවරණය සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සුරක්ෂිතව බෙදාහැරීම සහතික කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.

මැතිවරණ කටයුතු පැවැත්වෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාල කේන්ද්‍ර කර ගනිමින් මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මැතිවරණ කාලසීමාව තුළ සාමය සහ ආරක්‍ෂාව පවත්වාගෙන යාමේ සුවිශේෂී පියවරක් ලෙස මැතිවරණ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 54,000ක් යෙදවීමට නියමිතව ඇති බවයි වාර්තා වුණේ.

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (02) දිනයේ තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබුණා.

එම කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක තහවුරු කළේ බෙදාහැරීම සඳහා ඡන්ද කාඩ්පත් 17,140,354ක් ඇති බවයි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දී තේරීම් භාර නිලධාරීන් විසින් ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදෙන බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර තැපැල් සේවකයින් 8,000ක් ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සඳහා අනුයුක්ත කර ඇති අතර, එම කටයුතු හෙට (03) දිනයේ සිට ආරම්භ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40