AFC Banner
AFC Banner
Empty Ad

ඡන්දයට බාධා කරණ නිලධාරීන්ට ගන්නා ක්‍රියාමාර්ග මොනවාද ?-පැෆරල් සංවිධානය

පළාත් පාලන ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීමට සහයෝගය ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන් පිළිබඳව ගනු ලබන ක්‍රියාමාර්ග කුමක්දැයි පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසනවා.

එහි සභාපති වරයා ප්‍රමුඛ සාමාජිකයින්ට ඊයේ (22) ලිපියක් යොමු කරන පැෆරල් සංවිධානයේ විධායක අධක්‍ෂවරයා,පළාත් පාලන ඡන්ද විමසීමට සහයෝගය ලබාදිය යුතු රාජ්‍ය නිලධාරීන් විවිධ හේතු ගෙන හැර දක්වා එය පැවැත්වීමට බාධාවන අයුරින් කටයුතු කරන බව පවසනවා.

පැෆරල් සංවිධානය යොමුකළ ලිපිය පහතින් වේ.

2023.02.22 LG/EC/2023/007
නිමල් පුංචිහේවා මහතා – සභාපති,
එස්.බී. දිවාරත්න මහතා – සාමාජික,
එම්.එම්. මොහොමඩ් මහතා – සාමාජික,
කේ.පී.පී. පතිරණ මහතා – සාමාජික,
මැතිවරණ කොමිෂන් සභාව,
රාජගිරිය.

ගරු සභාපතිතුමනි / සාමාජික මහත්වරුනි,

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීමට සහයෝගය ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන් පිළිබඳව ගනු ලබන ක්‍රියාමාර්ග.

2023.03.09 වන දින පැවැත්වීමට සැලසුම් කොට ඇති පළාත් පාලන ඡන්ද විමසීම් කටයුතු මැතිවරණ කොමිෂන් සභාව මගින් නියමිත පරිදි පවත්වාගෙන යමින් සිටින අතරතුර එකී ව්‍යවස්ථාපිත කටයුත්ත සඳහා සහයෝගය ලබාදිය යුතු රාජ්‍ය නිලධාරීන් විවිධ හේතු ගෙන හැර පාමින් ඡන්ද විමසීමට බාධාවන අයුරින් කටයුතු කරන බවත් දිගින් දිගටම දක්නට ලැබිණි.

ඡන්ද විමසීමක් පවත්වනු ලබන අවස්ථාවක එම කටයුත්ත සාර්ථකව නිම කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය, පොලීසිය, රජයේ මුද්‍රණාලය, ඛනිජ තෙල් සංස්ථාව, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඇතුලු සියලු රාජ්‍ය ආයතන වල හා නිලධාරීන්ගේ සහයෝගය එකී ක්‍රියාවලියට අත්‍යවශ්‍ය සාධකයකි. නමුත් අවාසනාවකට මෙන් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා දින නියම කර, එම කටයුත්ත ඉදිරියට යද්දී ඉහත පාර්ශවයන් සහයෝගය ලබානොදීම හේතුවෙන් මැතිවරණ ක්‍රියාවලියට බරපතල බාධා එල්ල වූ බවත් අපහට නිරීක්ෂණය විය.

මෙම තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් සම්බන්ධයෙන් බලන කළ අතිශයින් හානිකර තත්ත්වයක් වන අතර ඉදිරියේදී පවත්වනු ලබන මැතිවරණ වලදී නරක පූර්වාදර්ශයක් වීමේ වැඩි සම්භාවිතාවක් පවතී. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර ඇති මැතිවරණ කොමිෂන් සභාවේ බලතල කාර්යය හා කර්තව්‍යයට සහයෝගය ලබා නොදුන් නිලධාරීන් සම්බන්ධව දැනට ගෙන ඇති පියවර කවරේද යන්නත් එලෙස පියවරක් ගෙන නොමැත්තේ නම් ඉදිරියේදී ගනු ලැබීමට අපේක්ෂිත පියවර කවරේද යන්නත් පිළිබඳවත් අපව දැනුවත් කිරීමට කටයුතු කරන්නේ නම් අතිශයින් කෘතඥවන්ත වෙමි.

ස්තූතියි!
මෙයට විශ්වාසී,

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?