චෙක් ජනරජයේ ජනප්‍රිය ගායිකාවක් හිතාමතා කොවිඩ් ආසාධනය කර ගනිමින් අවසන් ගමන් යයි

චෙක් ජනරජයේ ජනප්‍රිය ගායිකාවක් හිතාමතා කොවිඩ් ආසාධනය කර ගනිමින් මියයාමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

57 හැවිරිදි Hana Horka නම් මෙම ගායිකාව කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන නොමැති අතර, ඇයට කොවිඩ් ආසාධිත බව තහවුරු වීමෙන් පසු සුවය ලබන බවට සමාජ මාධ්‍යවල ද පළ කර තිබූ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එසේ සටහන් කර දින දෙකකට පසු ඇය මරණයට පත්වූ බව ඇයගේ පුත්‍රයා මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

“මටයි මගේ පියාටයි කොවිඩ් වැළඳුණා. ඇය හිතමතාම ආසාදනය වුණා. අපිට කොවිඩ් වැළඳුනේ නත්තල් සමයේ. ඒත් අම්මා අපෙන් ඈත් වුණේ නෑ. ඒ වෙනුවට වෛරසය වැළඳගන්න ඇයට උවමනා වුණා. ඇය හුදෙකලා වෙනවා වෙනුවට අපිත් එක්ක මුළු කාලයම හිටියා..”

තමාට සුවයක් දැනෙන බව මියගිය දිනයේ උදෑසන මෙම ගායිකාව පවුලේ සාමාජිකයන්ට ඇය ප්‍රකාශ කර තිබුණා.

“විනාඩි 10කින් ඔක්කොම ඉවරයි ! ඇය හුස්ම හිරවෙලා යන්නම ගියා..” “ඇය එන්නත ගන්නත් කැමති වුණේ නෑ. ඇය සමඟ සාකච්ඡා කළත් ඒවා නිශ්ඵල වුණා…” ඇයගේ පුත්‍රයා එලෙස ප්‍රකාශ කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?