පවතින අයහපත් කාලගුණයත් සමග බදුල්ල දක්වා ධාවනය කරන මගී ප්‍රවාහන දුම්රිය නානුඔය දක්වා සීමා කර තිබෙනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; පවතින අයහපත් කාලගුණයත් සමග උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සිට බදුල්ල දක්වා ස්ථාන කිහිපයකින්ම දුම්රිය මාර්ගයට පස්, ගල් සහ ගස් කඩා වැටීම හේතුවෙන්
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කරන මගී ප්‍රවාහන දුම්රියන් අද (26) දින නානුඔය දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කරන බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු ප්‍රකාශ කළ බවයි.
නානුඔය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කරවන දුම්රියන් ආපසු හරවා කොළඹ දක්වා ධාවනය කිරීමටත්, බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන කිසිදු මගී ප්‍රවාහන දුම්රියක් අද දින ධාවනය නොකළ බවත් වාර්තා වනවා.