චීවරධාරියෙකුට සහ කාන්තාවන් දෙදෙනෙකුට පහරදුන් සැකකරුවන් රිමාන්ඩ්

නවගමුව බෝමිරිය ප්‍රදේශයේ දී චීවරධාරියෙකුට, තරැණියකට සහ තවත් කාන්තාවක නිරුවත් කර පහරදීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයින් 8 දෙනා ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතායි අද මෙම නියෝගය ලබා දුන්නේ.

සැකකරුවන් 8 දෙනා 12 වනදා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේ තම පාර්ශවයට අදාළ පැමිණිලිකරු සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවයි.

එම පැමිණිලි ද ලබන 12 වෙනි දිනට පෙර ඉදිරිපත් කරන ලෙසටයි වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ නිවසක් තුලදී චීවරධාරියෙකු, තරැණියක සහ කාන්තාවක සමග සිටියදී බලහත්කාරයෙන් එම නිවසට කඩා වැදුණු සැකකරුවන් එහි සිටි පිරිස නිරැවත් කර පහර දී වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම සම්බන්ධයෙන් නවගමුව පොලිසිය මගින් ඔවුන් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

මේ අතර පොලිසිය සඳහන් කළේ ළමුන් සහ කාන්තාවන් හිංසනයට පත් කිරීම හෝ එවැනි ආකාරයේ සිදුවීම් සමාජ මාධ්‍ය වෙත එක් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ එවැනි වරදවල් සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයන්ට අවම වශයෙන් බරපතල වැඩ සහිතව හෝ රහිතව වසර 2ක සිර දඩුවම් නියමවන බවයි.

එමෙන්ම දඩයක් පැනවීම ද සිදු කෙරෙන අතර අදාළ දඩුවම් නියම කරනු ලබන්නේ අධිකරණ ක්‍රියාමාර්ගවලින් අනතුරුව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ.

කාන්තාවන් සහ ළමුන්ට හිංසන වන ආකාරයේ ක්‍රියා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම නීතියෙන් තහනම් කටයුත්තක් වන අතර කිසියම් අයෙකු ඒවා සමාජගත කරන්නේ නම් ඔහු සිදු කරනු ලබන්නේ බරපතල වරදක් බව නිහාල් තල්දූව මහතා අවධාරණය කළා.

නවගමුව ප්‍රදේශයේදී චීවරධාරියෙකු සම්බන්ධ සිදුවීමේදී ද අදාළ වීඩියෝ සමාජ මාධ්‍ය වෙත එක් කිරීම බරපතල වරදක් වන බැවින් ඊට අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
35
+1
7
+1
110
+1
5
+1
7
+1
14
+1
15
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය
00:00
Video thumbnail
සර්වඥ ධාතූන් වහන්සේලා සුදු පාවඩ මැදින් දැඩි ආරක්ෂාව මැද වැඩමවන හැටි
01:18
Video thumbnail
ජනාධිපතිතුමා සර්වඥ ධාතූන් වහ්සේලා වැඳ පුදාගනී
01:43
Video thumbnail
ක්‍රිකට් කියන්නේ උඹලට සල්ලි, ආතල් වෙන්න ඇති අපිට ක්‍රිකට් කියන්නේ ආගමක්..සභාපති මාරු කළොත් ඕක හරියයි
00:58
Video thumbnail
ජනාධිපතිතුමාත් ගංගාරාමයට එයි
02:20
Video thumbnail
සිවිදෙනෙකු රෝහල් ගතකළ බදුල්ලේ මහ ගින්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා ගිහින්
01:29
Video thumbnail
නිදහස් දිනයේ උතුරේ ගිනි ඇවිලෙයි - අපේ භූමිය අපිට ඕනේ, හමුදාව ඉවත්වෙනු
02:35
Video thumbnail
කලාතුරකින් දකින්න ලැබෙන නිල රථය සහ නිල ඇඳුම
01:35
Video thumbnail
සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයට යන ජනතාවගෙන් පොලිසිය කළ ඉල්ලීම
03:08
Video thumbnail
ගුජරාට් ප්‍රාන්තයේ සිට සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට දැඩි ආරක්ෂාව මැද වැඩමවන හැටි
01:48


?