Empty Ad
Empty Ad
 Empty Ad

චීන මුදල් විශුද්ධිකරණ දැවැන්ත මෙහෙයුමක්   ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය හසු කර ගනී.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දෙවැනි ගුවන් තොටුපළ අසල  පිහිටි සිඩ්නි මන්දිර, අක්කර සියගණනක් ඉඩම් ඇතුළු ඉහළ වටිනාකමකින් යුතු  දේපළ රැස්කර ගනිමින් ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 10ක් රටින්  ගෙන ගිය බව කියන චීන-ඕස්ට්‍රේලියානු මුදල් විශුද්ධිකරණ සංවිධානයක් බිඳ දැමීමට ඔස්ට්‍රේලියාවේ  ෆෙඩරල් පොලිස් නියෝජිතයින් සමත් වී තිබෙනවා.

එහිදී අවම වශයෙන් අත්පත් කරගෙන ඇති දේපළ සහ සුඛෝපභෝගී වත්කම්වල වටිනාකම ඩොලර් මිලියන 150 ඉක්මවන  බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන්  සිඩ්නි හි චීන-ඕස්ට්‍රේලියානු සම්භවයක් සහිත මැරයන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කර ඇති අතර ඔවුන්ගේ  ඒකාබද්ධ පුද්ගලික ධනය ඩොලර් බිලියන 1කට වඩා වැඩි බවටයි  ගණන් බලා ඇත්තේ.

සිඩ්නි හි නව ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල සංවර්ධනය කළ උප නගරයක්ද චීන සංවිධානාත්මක අපරාධකරුවන් විසින් මිලදී ගත් ඉඩම්වලට ඇතුළත් බවද වාර්තා වනවා.

අත්අඩංගුවට ගත් අයගෙන් එක් අයෙක් වන ස්ටීවන් ෂින්, මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්  මැකාවු හි සිරගත කරන ලද ඇල්වින් චෞ නමැති ගෝලීය කැසිනෝ කර්මාන්තයේ අධිපති ඇල්වින් චෞගේ දේශීය ව්‍යාපාරික හවුල්කරුවෙකු ලෙසයි හදුනාගෙන ඇත්තේ.

ෂින් සහ ඔහුගේ සම-චූදිත ෂාඕහුවා මා  වෙත චෝදනා එල්ල කර ඇත්තේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රාග්ධන නීති මග හැරීමට උත්සාහ කරන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ධනවත් චීන ජාතිකයින් සඳහා  ඕස්ට්‍රේලියාවේ  බැංකුකරුවන් බවට පත් වෙමින්  ඔවුන්ගේ ධනය රැස් කළ බවටයි.

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් මෙහෙයුම මගින් ඕස්ට්‍රේලියාවේ සිට ආසියාව, කැරිබියන්, ස්විට්සර්ලන්තය, ඇමරිකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය දක්වා විහිදුනු බැංකු සංවිධානයක්ද අනාවරණය කර ගැනීමට හැකි වී තිබෙනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?