spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චීන නෞකාවකින් සිය ධීවරයින්ට වූ හිරිහැර සම්බන්ධයෙන් පිලිපීනයෙන්  විමර්ශන

පිලිපීන මුහුදු කලාපයට අයත් ස්වාභාවිකව ජලයෙන් යට වූ කඳු වැටියක් වන  ෂෝල්  අසල වාඩිලා සිටි දේශීය ධීවරයින් පිරිසකට චීනයේ වෙරළාරක්ෂක නෞකාවක් මගින් හිරිහැර කළ බව කියන සිදුවීමක් පිළිබඳ විමර්ශන ආරම්භ කළ බව පිලිපීන රජය පවසනවා.

ඔවුන් සඳහන් කර ඇත්තේ දකුණු චීන මුහුදේ සිදු වෙමින් පවතින  වර්ධනයන් පිළිබඳවද අධීක්‍ෂණය කරමින් සිටින බවයි.

අංක 5204 දරන චීන නෞකාවකින්  සහ කුඩා බෝට්ටුවකින් පැමිණි පිරිසක් තමන් පලවා හැරි බව කෙන් කෙන් නම් ධීවර බෝට්ටුවේ සිටි  කාර්ය මණ්ඩලය ප්‍රකාශ කර ඇතැයි ඇමරිකාව කේන්ද්‍ර  කරගත් රේඩියෝ ෆ්‍රී ඒෂියා පුවත් සේවය වාර්තා කළා.

මෙම  පලවා හැරීම සිදු කළ කලාපය පිලිපීනයේ සුවිශේෂී ආර්ථික කලාපයේ  කොටසක් ලෙසයි සැලකෙන්නේ.

පිලිපීන විදේශ කටයුතු දෙපාර්තමේන්තුව  නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වෙනත් රටක මැදිහත් වීමකින් තොරව,  එම ප්‍රදේශයේ ස්වෛරී අයිතීන් සහ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට පිලිපීනයට හිමිකම් ඇති බවයි.

පිලිපීන ධීවරයින්ට ඔවුන්ගේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට සහ පිලිපීන සහ ජාත්‍යන්තර නීතිය යටතේත්  විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති අනුව ඔවුන්ට ලැබිය යුතු ඕනෑම දෙයක් ලබා ගැනීමට නිදහස ඇති බවත්  එම  දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබෙනවා.

පිලිපීන විදේශ කාර්යාලයට අනුව,ඔවුන් බලා සිටින්නේ  සිද්ධිය සම්බන්ධයෙන් දේශීය නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල නිල වාර්තා එනතුරුයි. සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග සඳහා එම වාර්තා පදනමක් වනු ඇති බවට  එම දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරනවා.

පිලිපීන ධීවර බෝට්ටුවකට චීනය විසින් හිරිහැර කළ බවට වන මෙම චෝදනාව 2023 දී වාර්තා වූ පළමු සිද්ධියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?