චීන නෞකාවකින් සිය ධීවරයින්ට වූ හිරිහැර සම්බන්ධයෙන් පිලිපීනයෙන්  විමර්ශන

පිලිපීන මුහුදු කලාපයට අයත් ස්වාභාවිකව ජලයෙන් යට වූ කඳු වැටියක් වන  ෂෝල්  අසල වාඩිලා සිටි දේශීය ධීවරයින් පිරිසකට චීනයේ වෙරළාරක්ෂක නෞකාවක් මගින් හිරිහැර කළ බව කියන සිදුවීමක් පිළිබඳ විමර්ශන ආරම්භ කළ බව පිලිපීන රජය පවසනවා.

ඔවුන් සඳහන් කර ඇත්තේ දකුණු චීන මුහුදේ සිදු වෙමින් පවතින  වර්ධනයන් පිළිබඳවද අධීක්‍ෂණය කරමින් සිටින බවයි.

අංක 5204 දරන චීන නෞකාවකින්  සහ කුඩා බෝට්ටුවකින් පැමිණි පිරිසක් තමන් පලවා හැරි බව කෙන් කෙන් නම් ධීවර බෝට්ටුවේ සිටි  කාර්ය මණ්ඩලය ප්‍රකාශ කර ඇතැයි ඇමරිකාව කේන්ද්‍ර  කරගත් රේඩියෝ ෆ්‍රී ඒෂියා පුවත් සේවය වාර්තා කළා.

මෙම  පලවා හැරීම සිදු කළ කලාපය පිලිපීනයේ සුවිශේෂී ආර්ථික කලාපයේ  කොටසක් ලෙසයි සැලකෙන්නේ.

පිලිපීන විදේශ කටයුතු දෙපාර්තමේන්තුව  නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වෙනත් රටක මැදිහත් වීමකින් තොරව,  එම ප්‍රදේශයේ ස්වෛරී අයිතීන් සහ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට පිලිපීනයට හිමිකම් ඇති බවයි.

පිලිපීන ධීවරයින්ට ඔවුන්ගේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට සහ පිලිපීන සහ ජාත්‍යන්තර නීතිය යටතේත්  විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති අනුව ඔවුන්ට ලැබිය යුතු ඕනෑම දෙයක් ලබා ගැනීමට නිදහස ඇති බවත්  එම  දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබෙනවා.

පිලිපීන විදේශ කාර්යාලයට අනුව,ඔවුන් බලා සිටින්නේ  සිද්ධිය සම්බන්ධයෙන් දේශීය නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල නිල වාර්තා එනතුරුයි. සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග සඳහා එම වාර්තා පදනමක් වනු ඇති බවට  එම දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරනවා.

පිලිපීන ධීවර බෝට්ටුවකට චීනය විසින් හිරිහැර කළ බවට වන මෙම චෝදනාව 2023 දී වාර්තා වූ පළමු සිද්ධියයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02