AFC Banner
Empty Ad
Empty Ad

චීන නාවිකයෙක් මුදා ගත් ඉන්දීය මෙහෙයුම

ඉන්දීය නාවික හමුදාව විසින් මුම්බායි වෙරළට ඔබ්බෙන් යාත්‍රා කරමින් සිටි බහාලුම් ප්‍රවාහන නෞකාවක සිටි තුවාල ලැබූ චීන නාවිකයෙකු සාර්ථක ව ගොඩබිමට රැගෙන විත් තිබෙනවා.

මුම්බායි හි සමුද්‍ර ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට (MRCC) මුම්බායි සිට නාවික සැතපුම් 200ක් පමණ දුරින් යාත්‍රා කරමින් සිටි බහාලුම් ප්‍රවාහන නෞකාවකවකින් දැනුම් දී ඇත්තේ නෞකා කාර්ය මණ්ඩලයේ සිටි චීන ජාතිකයෙකුට අධික රුධිර වහනය සහිත තුවාල සිදු ව ඇති බවයි.

වෛද්‍ය හදිසි අවස්ථාවට ප්‍රතිචාර දක්වමින්, ඉන්දීය නාවික හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් යොමු කර අනතුරට පත් නාවිකයා නෞකාවෙන් ඉවත් කර ගැණුනා.

තුවාල ලැබූ චීන නාවිකයා නාවික ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමෙන් පසු උසස් වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහලක් වෙත මාරු කර යවා තිබෙනවා.

ඉන්දීය නාවික හමුදාව ගලවා ගැනීමේ මෙහෙයුමේ දර්ශන එහි නිල X ගිණුමේ ද පළකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?