Empty Ad
Empty Ad
AFC Banner

චීන දේශපාලන තන්ත්‍රයේ ඉහළ පෙළේ උප අමාත්‍යවරියක් ජනපති හමුවෙයි (ඡායාරූප)

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වුණා.

පසුගිය ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක මහතා ලබා ගත් ජයග්‍රහණය සහ මහ මැතිවරණයේ දි ඔහුගේ පක්ෂය විසින් ලබා ගනු ලැබූ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව සිය සුබපැතුම් එක් කළ චීන උප අමාත්‍යවරිය මෙම ජයග්‍රහණවලින් පසුව ශ්‍රී ලංකාවේ සිදුව තිබෙන පරිවර්තනීය වෙනස්කම් ඇගයීමට ලක් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සමඟ සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමට චිනය සූදානම් බව ද උප අමාත්‍යවරිය ප්‍රමුඛ නියෝජිත පිරිස මෙහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළා.

චීනයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද සංවර්ධන අපේක්ෂාවන් පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරුණු අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන දිගුකාලීන සහයෝගීතා වැඩපිළිවෙළක් දෙරට අතර ඇති කර ගැනීමේ වැදගත්කම පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.

එහිදී ආයෝජන ප්‍රවර්ධනය, තාක්‍ෂණ හුවමාරුව, ඩිජිටල්කරණය සහ ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම ඇතුළු විවිධ සංවර්ධන මුලපිරීම් සඳහා ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට චීනය කැමැත්තෙන් පසුවන බව නියෝජිත පිරිස දන්වා සිටි බවයි වාර්තා වන්නේ.

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ නිලධාරීන් පුහුණු කිරීම හරහා ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනය වැඩි දියුණු කිරීම සඳහා චීනයේ සහාය ලබා දෙන බවට ද ඔවුහු ජනාධිපතිවරයා හමුවේ සහතික වුණා.

චීන රජය ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට කැප වන බව අවධාරණය කර තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන් ද ජනාධිපතිවරයා සමඟ මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර චීන දූත පිරිස නියෝජනය කරමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC ) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Lin Tao, අධ්‍යක්ෂ Li Jinyan, උප අමාත්‍යවරියගේ ලේකම් Jin Yan, මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති Qi Zhenhong යන මහත්ම මහත්මීන් එක් ව සිටියා.

Chinese Vice Minister Pays Courtesy Call on President 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05
Video thumbnail
ජූලි චන් මහත්මිය මිහින්තලා හිමියන් මුණගැසෙයි
04:03
Video thumbnail
රෙදිපිළි කර්මාන්තයේ අයට විදුලි බිල අඩුවීම සුබ ආරංචියක්
02:45
Video thumbnail
ඔයාලට මාධ්‍ය දකිනකොට අප්පිරියයි නම් - ඒක තමයි රටේ දැන් තත්ත්වේ
03:35

?