ශ්රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා සහ පාර්ලිමේන්තුවේ කතානායක ආචාර්ය අසෝක සපුමල් රන්වල මහතා අතර නිල හමුවක් අද (28) සිදු කෙරුණා.
මෙම නිල හමුව සිදු කෙරුණේ පාර්ලිමේන්තුවේ පිහිටි කතානායකවරයාගේ නිල කාමරයේ දියි.
දෙරට අතර පවතින දිගු කාලීන මිත්රත්වය සහ එය ඉදිරියටත් පවත්වාගන්නා ආකාරය පිළිබඳ ව මෙහිදී සාකච්ඡා කෙරුණා.
මෙම නිල හමුව සංකේතවත් කිරීමට දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වූ බවයි වාර්තා වන්නේ.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම්වරිය වන කුෂානි රෝහණධීර මහත්මිය ඇතුළු නිලධාරින් පිරිසක් ද එක්ව සිටියා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1