AFC Banner
AFC Banner
Empty Ad

චීන තර්ජන හමුවේ ඕස්ට්‍රේලියාව දිගුදුර මිසයිල මිල දී ගැනීමේ සූදානමක

චීනයෙන් එල්ලවන තර්ජන හමුවේ ඕස්ට්‍රේලියාව දිගුදුර මිසයිල මිලදී ගැනීම කඩිනම් කිරීමට තීරණය කර තිබෙනවා.

මේ සඳහා ඔස්ට්‍රේලියාව ඩොලර් බිලියන 12ක් වෙන්කර ඇති බවයි වාර්තා වන්නේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ආරක්ෂක කටයුතු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මෙතරම් මුදලක් වෙන්කළ ප්‍රථම අවස්ථාව ද මෙය වනවා.

තායිවානය හා චීනය අතර වැඩිවෙමින් පවතින යුද උණුසුම හා ජාත්‍යන්තර මුහුදු නීතිවලට පටහැනිව දකුණු චීන මුහුදු කලාපය තුළ චීන නාවික හමුදා සිදුකරන ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම පියවර ගත් බව ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ පවසනවා.

දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසුව රටක් විසින් සිදුකරන විශාලතම හමුදා සූදානම වත්මන් චීන රජය මඟින් දියත් කර තිබෙන බව ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ මඟින් නිකුත් කළ වර්තාවක දැක්වෙනවා.

හමුදා සූදානම කෙරෙන්නේ කිසිඳු විනිවිද භාවයකින් තොරව බව ද එහි වැඩි දුරටත් සඳහන්.

එබැවින් දිගුදුර මිසයිල මිලදී ගැනීමට ඕස්ට්‍රේලියානු රජයට එරට ආරක්ෂක අංශ නිර්දේශ කර තිබෙන්නේ ඕස්ට්‍රේලියාවට ස්ව ශක්තියෙන් නැගී සිටීම සඳහා මෙන්ම රටේ ආරක්ෂාව තහවුරු කිරීමට බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසනවා.

චීනයෙන් එල්ල වන මෙම තර්ජන හමුවේ ඕස්ට්‍රේලියානු හමුදා වඩාත් අවධානය යොමු කළ යුත්තේ ගොඩබිම් ප්‍රහාර වලට වඩා දිගුදුර ප්‍රහාර කෙරෙහි බව ඕස්ට්‍රේලියානු ආරක්ෂක ඇමති රිචඩ් මාර්ල්ස් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?