චීන රජය විසින් පරිත්‍යාග කරන ඩීසල් මෙට්‍රික් ටොන් 9,000 රැගත් නෞකාව අද (26) දිනයේ මෙරටට පැමිණීමට නියමිතයි.
මෙම ඩීසල් අඩංගු නෞකාව ශ්‍රී ලංකාව බලා පැමිණීමට සිංගප්පූරුවෙන් ගමන් ආරම්භ කළ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඊයේ (25) සඳහන් කළා.
පරිත්‍යාගයක් ලෙස ලැබෙන මෙම ඉන්ධන තොගය ගොවීන්ට සහ ධීවර ප්‍රජාවට ලබාදීමටයි සැළසුම් කර ඇත්තේ.













