Empty Ad
Empty Ad
AFC Banner

චීන ජාතිකයෙකුගෙන් මැණික් ගල් 38ක් ඉස්සූ ගබඩාකරු මාට්ටු වෙයි

මාර්ග ගත(online ) ක්‍රමය හරහා මැණික් ව්‍යාපාර කටයුතු කරන චීන ජාතිකයෙකුට අයත් රුපියල් ලක්ෂ 28 ක් වටිනා මැණික් සොරකම් කර; අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයකු අලුත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අලුත්ගම – මොරගල්ල ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන චීන ජාතකයින් පිරිසක් මෙම online ක්‍රමය හරහා මැණික් ව්‍යාපාර කටයුතු සිදුක රගෙන ගොස් ඇති බවයි.

මෙම ව්‍යාපාර කටයුතු කරන චීන ජාතිකයෙකුගේ වටිනා මැණික් ගල් කිහිපයක් අස්ථානගත වී ඇති බවට අලුත්ගම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණා.

සොරකම සම්බන්ධයෙන් පූර්ණ අධීක්ෂණයෙන් සිටි අලුත්ගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම සොරකම් කරන ලද මැණික්; බේරුවල චීන කොටුව ප්‍රදේශයේ පිහිටි මැණික් වෙළෙඳපොළක් තුළ හුවමාරු වන බවට ලද තොරතුරු මත එම ස්ථානය අද (25) වැටලීමට ලක් කළා.

එහිදී අනාවරණය වී ඇත්තේ මෙම චීන ජාතිකයාගෙන් සොරකම් කරන ලද මැණික් බේරුවල මැණික් වෙළෙඳපොළට වෙනත් පුද්ගලයකුත් රැගෙන විත් එම මැණික් විකුණා දැමීමට උත්සාහ කරන බවටයි.

ඉන්පසුව මෙම මැණික් ගල් රැගෙන ආ පුද්ගලයා කළුතර උතුර ප්‍රදේශයේ පිහිටි ළැඟුම්හලක දී අලුත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට පත් සැකකරු මග්ගොන ප්‍රදේශයේ පදිංචි වයස 30 හැවිරිදි අයෙක්.

ඔහු එම ළැඟුම්හලේ ගබඩා භාරකරු ලෙස කටයුතු කරන පුද්ගලයා ද වනවා.

චීන ජාතිකයාගෙන් සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 28ක් පමණ වටිනාකම ඇති මැණික් ගල් 38ක් පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.

සැකකරු අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීසර්ලා එක්ක එකතුවෙලා OIC දාපු සෙල්ලම් මාට්ටු - මෙන්න හඬපටය
30:47
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
01:13
Video thumbnail
මොනවා නැතත් හැමදාම Show නම් දානවා - වසන්ත අද කියන පම්පෝරිය
05:50
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05

?