චීන ජාතිකයෙකුගෙන් මැණික් ගල් 38ක් ඉස්සූ ගබඩාකරු මාට්ටු වෙයි

මාර්ග ගත(online ) ක්‍රමය හරහා මැණික් ව්‍යාපාර කටයුතු කරන චීන ජාතිකයෙකුට අයත් රුපියල් ලක්ෂ 28 ක් වටිනා මැණික් සොරකම් කර; අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයකු අලුත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අලුත්ගම – මොරගල්ල ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන චීන ජාතකයින් පිරිසක් මෙම online ක්‍රමය හරහා මැණික් ව්‍යාපාර කටයුතු සිදුක රගෙන ගොස් ඇති බවයි.

මෙම ව්‍යාපාර කටයුතු කරන චීන ජාතිකයෙකුගේ වටිනා මැණික් ගල් කිහිපයක් අස්ථානගත වී ඇති බවට අලුත්ගම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණා.

සොරකම සම්බන්ධයෙන් පූර්ණ අධීක්ෂණයෙන් සිටි අලුත්ගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම සොරකම් කරන ලද මැණික්; බේරුවල චීන කොටුව ප්‍රදේශයේ පිහිටි මැණික් වෙළෙඳපොළක් තුළ හුවමාරු වන බවට ලද තොරතුරු මත එම ස්ථානය අද (25) වැටලීමට ලක් කළා.

එහිදී අනාවරණය වී ඇත්තේ මෙම චීන ජාතිකයාගෙන් සොරකම් කරන ලද මැණික් බේරුවල මැණික් වෙළෙඳපොළට වෙනත් පුද්ගලයකුත් රැගෙන විත් එම මැණික් විකුණා දැමීමට උත්සාහ කරන බවටයි.

ඉන්පසුව මෙම මැණික් ගල් රැගෙන ආ පුද්ගලයා කළුතර උතුර ප්‍රදේශයේ පිහිටි ළැඟුම්හලක දී අලුත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට පත් සැකකරු මග්ගොන ප්‍රදේශයේ පදිංචි වයස 30 හැවිරිදි අයෙක්.

ඔහු එම ළැඟුම්හලේ ගබඩා භාරකරු ලෙස කටයුතු කරන පුද්ගලයා ද වනවා.

චීන ජාතිකයාගෙන් සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 28ක් පමණ වටිනාකම ඇති මැණික් ගල් 38ක් පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.

සැකකරු අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34