චීනය සමඟ පවතින මතභේද මධ්‍යයේ ඉන්දියාව ආරක්ෂක අයවැය ඩොලර් බිලියන 72.6ක් දක්වා ඉහළ නංවයි

2023-24 මූල්‍ය වර්ෂය සඳහා ඉන්දියාව සිය ආරක්ෂක වියදම් වෙනුවෙන් වන වැය ශීර්ෂය රුපියල් ට්‍රිලියන 5.94 (ඩොලර් බිලියන 72.6)ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා.

එය පෙර කාල පරිච්ඡේදයේ මූලික ඇස්තමේන්තුවලට වඩා 13% ක ඉහළ යාමක්.

චීනය සමඟ මතභේදාත්මක තත්ත්වයක් පවතින දේශ සීමාවේ ආරක්ෂාව වෙනුවෙන් තවත් ප්‍රහාරක ජෙට් යානා සහ මාර්ග එකතු කිරීමේ අරමුණින් ආරක්ෂක වැය ශීර්ෂය මෙලෙස ඉහළ නංවා ඇති බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් 2023-24 සඳහා වන වාර්ෂික අයවැයෙන් ට්‍රිලියන 1.63ක් වෙන් කර ඇත්තේ නව ආයුධ, ගුවන් යානා, යුද නැව් සහ අනෙකුත් හමුදා දෘඩාංග ඇතුළු වියදම් සඳහායි.

ඉන් ඩොලර් බිලියන 550කට ආසන්න ප්‍රමාණයක් වෙන්වන්නේ ආරක්ෂක ප්‍රාග්ධන වියදම් වෙනුවෙන්.

2023-24 මූල්‍ය වර්ෂයේදී හමුදා වැටුප් සහ ප්‍රතිලාභ සඳහා රුපියල් ට්‍රිලියන 2.77ක්, විශ්‍රාමික සොල්දාදුවන්ගේ විශ්‍රාම වැටුප් සඳහා ට්‍රිලියන 1.38ක් සහ විවිධ භාණ්ඩ සඳහා තවත් මුදල් වෙන් කරන බව අයවැය ඉදිරිපත් කරමින් ඇය ප්‍රකාශ කළා.

මාර්තු මාසයෙන් අවසන් වන වත්මන් මූල්‍ය වර්ෂය සඳහා වන ආරක්ෂක අයවැයද පෙර ඇස්තමේන්තු කළ ට්‍රිලියන 5.25ට ඉක්මවා යමින් රුපියල් ට්‍රිලියන 5.85 දක්වා සංශෝධනය කිරීමට සීතාරාමන් කටයුතු කර තිබුණා.

විචාරකයින් පෙන්වා දෙන්නේ පසුගිය වසර කිහිපය තුළදී අගමැති නරේන්ද්‍ර මෝදි , ඉන්දු – චීන මතභේදාත්මක දේශසීමා දෙක වෙනුවෙන් වන හමුදා සැපයීම් ඉහළ නැංවීම කැපී පෙනෙන බවයි.

එසේම හමුදාවේ නවීකරණ කටයුතු වේගවත් කිරීමට ද මෝදිගේ ආණ්ඩුව කටයුතු කර තිබුණා.

නව දිල්ලියේ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ ආරක්ෂක විශේෂඥයෙකු වන ලක්ෂ්මන් බෙහෙරා පැවසුවේ, මිලිටරි නවීකරණ කටයුතු සලකා බලා ආරක්ෂක අයවැය ඉහළ නැංවීම සාධාරණ නමුත් ප්‍රමාණවත් නොවන බවයි.

ආණ්ඩුව මැතිවරණයක් අභිමුව ඉදිරිපත් කර තිබෙන අය වැයෙන් අනෙකුත් ප්‍රමුඛතා සමතුලිත කරමින් ආරක්ෂක හමුදාවන් සඳහා සාධාරණ අරමුදලක් වෙන් කිරීමට උත්සාහ කර ඇති බව ඔහුගේ අදහසයි.

නමුත් මතභේදාත්මක දේශසීමා ඔස්සේ චීනය සමඟ වැඩෙන ආතතිය හේතුවෙන් ඉන්දියාවට තවත් අරමුදල් අවශ්‍ය වනු ඇති බව බෙහෙරා සඳහන් කර තිබෙනවා.

දළ දේශීය නිෂ්පාදිතයෙන් 2%ක් පමණ ලෙස ඇස්තමේන්තු කර ඇති සමස්ත ඉන්දීය ආරක්ෂක අයවැය චීනයේ යුවාන් ට්‍රිලියන 1.45ක් වන ආරක්ෂක අයවැයට වඩා තවමත් පවතින්නේ අඩු මට්ටමකයි.

ඉන්දියාව එය සලකනු ලබන්නේ ඉන්දියාව සහ ජපානය ඇතුළු අසල්වැසියන්ට තර්ජනයක් ලෙසයි.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු මූල්‍ය උපදේශකයෙකු වන අමිත් කව්ෂිෂ් පැවසුවේ, සන්නද්ධ හමුදාවන් වෙනුවෙන් අයවැයේ සමස්ත වැඩිවීම අපේක්ෂා කළ පරිදි පැවතියද මෙහෙයුම් හැකියාවන් ඉහළ නැංවීම සඳහා හමුදා ඉල්ලා සිටි ප්‍රමාණයට වඩා අඩු මට්ටමක පවතින බවයි.

කෙසේ වෙතත් නාවික යාත්‍රා ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 242ක් (ඩොලර් බිලියන 3ක්) සහ තවත් ගුවන් යානා ඇතුළු ගුවන් හමුදා ප්‍රසම්පාදන සඳහා රුපියල් බිලියන 571.4ක් (ඩොලර් බිලියන 7ක්) වැය කිරීමට ඉන්දියාව සැලසුම් කර ඇති බව නවතම අයවැය ලේඛනය පෙන්වා දෙනවා.

දකුණු ආසියාවේ දැවැන්තයා වන ඉන්දියාව සිය සන්නද්ධ හමුදාවන්හි මිලියන 1.38ක පිරිසක් සේවයේ යොදවා ඇති අතර, න්‍යෂ්ටික සන්නද්ධ ප්‍රතිවාදීන් වන චීනය සහ පකිස්ථානය ආසන්න දේශසීමාවල ද විශාල පිරිසක් ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා සිටිනවා.

දැනට ඉදිරිපත් කර ඇති ආරක්ෂක අයවැය ප්‍රතිපාදන හමුදා අපේක්ෂාවන්ට වඩා අඩු වුවද, වසර දෙකක් වසංගත තත්ත්වයන්ට මුහුණ දෙමින් ආර්ථිකය යථා තත්ත්වයට පත්වන විට ඒවා වර්ධනය වීමට ඉඩ ඇති බවයි ලක්ෂ්මන් බෙහේරා පෙන්වා දෙන්නේ.

ඉන්දියාව සහ චීනය සිය දේශසීමා සම්බන්ධ මත භේදයක සිටින අතර 1962 වසරේ දී දෙපාර්ශ්වයම ඒ සම්බන්ධයෙන් වන යුද්ධයකට පවා මුල පිරුවා.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී නැගෙනහිර හිමාලයේ යළිත් වරක් ගැටුමක් ඇති වූ නමුත් එහිදී කිසිදු මරණයක් වාර්තා වී තිබුණේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුදල් ඇමති දැන් පොර ටෝක් දෙනවා - තිස්සකුට්ටි සැරටම දෙයි..පළපුරුදු ජනපතිලා තාමත් ජීවතුන් අතර ඉන්නවා
04:18
Video thumbnail
සපත්තු දෙකක් නැතුව පොලිස් මහත්තයා රාජකාරිය කරන්නේ..පාර වතුරට යටවෙලා..ෆුල් ට්‍රැෆික් එක
01:42
Video thumbnail
දික්ඔයේ අඹුසැමි යුවලක් එළොව යැවූ සැකකරුගේ CCTV දර්ශන එළියට..පොලිසිය මහජන සහය පතයි
01:38
Video thumbnail
ඉවත්වීමේ රතු නිවේදන දීර්ඝ කරයි..NBRO එකෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
02:34
Video thumbnail
අභිරහස් සිරුරක ඔළු#වක් හෝටලයක් පිටුපසින් හමුවෙයි..මුරගල්ල වෙරළ සලිත කළ සිද්ධිය
01:07
Video thumbnail
රුපියල බාල්දුවීම ගැන බන්දුල කට අරියි..වර්ෂයට එන්න ඕනි වාරික මුදල් ප්‍රමාණ 700ක් දැනට ලැබිලා නෑ
01:16
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:31
Video thumbnail
පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියකට විත්තිකරුවන් පස්දෙනෙකුට ම#රණ දඬුවම
01:28
Video thumbnail
බලගතු ඩොලර් වංචාවක් ගැන පාඨලී හෙළිකරයි..ජනපතිට කිට්ටු සමාගම් ගැසට් එකට කලින් ගෙනල්ලා
02:59
Video thumbnail
කතා කරන්න දෙයක් නෑ අපි රටක් විදියට වැටිලා..අපේ රටේ වැඩේ අපි ඔක්කොම එකතුවෙලා ගොඩදාමු
02:33