චීනයෙන් මෙරටට රුපියල් මිලියන 400ක ආපදා සහන උපකරණ

මහජන චීන සමූහාණ්ඩුව ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 400 ක් වටිනා ආපදා සහන උපකරණ පරිත්‍යාග කිරීම කොළඹ ආපදා කළමනාකරණ අංශයේ අද (05) සිදුකෙරුණා.

මෙම නිල උත්සවයේදී චීන තානාපති ගරු Qi Zhenhong විසින් ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා වෙත එම මානුෂීය ආධාර තොගය නිල වශයෙන් භාරදීම සිදුකළා.

උත්සව අවස්ථාවේදී අදහස් පලකළ ආරක්‍ෂක ලේකම්වරයා චීනය ශ්‍රී ලංකාවට ලබා දෙනු ලබන අඛණ්ඩ සහයෝගයට සිය කෘතඥතාව පළ කර සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස හේතුවෙන් නිරන්තරයෙන් උග්‍ර ගංවතුර තත්ත්වයන් වැනි ස්වාභාවික විපත්වලට මුහුණ දෙන අවස්ථාවක මෙම පරිත්‍යාග කිරීම වෙනුවෙනුත් සිය කෘතඥතාව පුද කරන බවද ඔහු පැවසුවා.

එමෙන්ම, විපතට පත් ප්‍රජාවන්ට කඩිනම් සහ ඵලදායී සහන සැපයීම සඳහා මෙම උපකරණ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් මනා කළමනාකරණයකින් යුතුව දිස්ත්‍රික් පරිපාලන යාන්ත්‍රණ හරහා ක්‍රමවත් අයුරින් බෙදාහරින බවද ඔහු අවධාරණය කළා.

තවද, දෙරට අතර ඇති ශක්තිමත් බැඳීම් ඉස්මතු කරමින් සිදුකළ මෙම පරිත්‍යාගය මගින් ශ්‍රී ලංකාව සමඟ අවශ්‍යම අවස්ථාවන්හි දී චීනය දක්වන නොසැලෙන සහයෝගීතාවය පිළිබිඹු වන බවද, අවධාරණය කර සිටියා.

යුවාන් මිලියන 10ක් වටිනා මෙම ආපදා සහන උපකරණ තොගයට හකුලන ඇඳන්, ජංගම සනීපාරක්‍ෂක පහසුකම්, මෙට්ට, මුළුතැන්ගෙයි උපකරණ, ගෑස් ලිප්, කූඩාරම්, සෙවිලි තහඩු, ඇඳ ඇතිරිලි, බෝට්ටු, ජීවිතාරක්‍ෂක කබා, ජල පොම්ප සහ අනෙකුත් අත්‍යවශ්‍ය උපකරණ ද ඇතුළත්.

ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා මහජන චීන සමූහාණ්ඩුව මීට පෙරද, මූල්‍ය ආධාර ලබාදී ඇති අතර, මෙම පරිත්‍යාගය, මානුෂීය සහයෝගය සහ හදිසි ආපදා කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා වන සූදානම සම්බන්ධයෙන් දෙරට අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය සහ ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා චීනයේ අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?